මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පසුගිය දිනවල ඇද හැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් එලවලු වගාවන් විනාශ විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ආගරපතන, ඩයගම, ෆෝඩයිස්, බගවන්තලාව, යන ප්‍රදේශවල එලවලු ගොවින් පවසනුයේ පසුගිය දින ගනනාවක් පුරාවට මෙම ප්‍රදේශයන්ට ඇද හැලුන අධික වැසි හේතුවෙන් තම එලවලු වගාවන් බොහෝමයක් විනාශයට පත්ව ඇති බවත්ය.

තමන් විවිධ ණය ලබා ගෙන මෙම එලවලු වගාවන් සිදු කරන බවත් වැසි හේතුවෙන් තම එලවලු වගාවන් මෙසේ විනාශ විමත් සමග තමන් ලබා ගත් ණය මුදල් ගෙවිමට නොහැකි තත්වයක් පවතින බවද එම එලවලු ගොවින් පවසති.

මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් තමන් ලබා ගත් ණය නිසි ලෙස ගෙවිමට නොහැකි විමෙන් නැවත එලවලු වගා කිරිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තම අදායම් තත්වයන්ද අහිමිවිමේ අවදානමක් පවතින බවද එම එලවලු ගොවින් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories