කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

පොකුරු ආකාරයට කොරෝනා රෝගීන් බිම් මට්ටමින් හමුවීම ආරම්භ වුවහොත් රෝග පාලනය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් ගිලිහී යනු ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පොකුරු ආකාරයට රෝගීන් හමුවෙමින් පවතින අතර ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රදේශ හමුවීමට ඉඩ ඇති බැවින් වහාම දිවයින පුරාම ව්‍යාප්ත වන ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

More Stories