කුරුණෑගල, මාවතගම ප‍්‍රදේශයේ පොල්, කෝපි, අඹ, බඩඉරිගු, මයියොක්කා හා කෙසෙල් ඇතුළු බෝග රැසකට දැඩි හානි සිදුකර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම පළගැටියන් විශේෂය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා සම්පාදනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පළගැටියන් විසින් මේ වන විටත් ඉන්දියාවේ අක්කර 125,000 ක වගා බිම් විනාශ කොට ඇත.

නැගෙනහිර අප්‍රිකාවේ මිලියන 19 කට අධික ජනතාවක් දැනටමත් ආහාර අනාරක්‍ෂිතතාවයකට මුහුණ දී සිටින සමස්ත උප කලාපයේම මෙම ආක්‍රමණය ආහාර සුරක්‍ෂිතතාවයට පෙර නොවූ විරූ තර්ජනයක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පැවසීය.

කාන්තාර පළඟැටියන් රංචුවලට ඉතා දිගු කාලයක් වාතයේ රැඳී සිටිය හැකි අතර දිනකට කිලෝමීටර් 130 ක් (සැතපුම් 80 ක්) හෝ ඊට වැඩි දුරක් ගමන් කළ හැකි බව FAO පවසයි.

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් පසුගිය දිනවල සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ කෘමීන් විශාල වශයෙන් වගාවන්ට සහ අනෙකුත් ශාකවලට හානි සිදු කිරීම හේතුවෙන්, එරට ආහාර සුරක්ෂිතභාවයට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවයි, වාර්තා වන්නේ.

කෙන්යාවේ ද දරුණු ලෙස පළගැටි උවදුරු පැතිර පවතියි. එහෙත්, මෙම උවදුර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ  පළමු රට සෝමාලියාවයි.

Similar Posts