යාපනයේ, වඩමාරච්චි, අරියාලේ ප්‍රදේශයේ වයස අවුරුදු තුනක ජෙබනීසන් සියෝන් නමැති මෙම දරුවා උණ රෝගයෙන් පෙලෙමින් සිටීම නිසා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී නිවසේ සිටියදී ඔහු හදිසියේම නිවස මැද සාලයේ ඇද වැටී තිබේ.
ඔහුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මිය ගොස් තිබේ.
පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.