වධහිංසා ගැන කතීකාවක් ඇතී උන නිසා අත්දැකීම් ඇසුරෙන් ලියමී , වධහිංසා පිලීබඳ ඉතීහාසය බොහෝ ඇතට දිවයයි. ප්රසිද්ධ දෙඩම්පේ මුදලාලී නඩුව ලංකාවේ වදහිංසාව පිලීබඳ සංදී ස්ථානයකී. මිනිසුන් හතරවෙනි තට්ටුවට බය වීමට ගත්තේ මුලින් 4 වෙනි තට්ටුවෙන් පැන්න යැයි කිවු දොඩම්පේ මුදලාලීගේ නඩුවේදී එලීවුයේ ඒසෙ පැන්න නොව පහලට තල්ලු කර ඇතීබවත් පහරදීම් සිදුකර ඇතී බවත්ය.

ආසීයානු මානව හිමිකම් කොමිසමේ Asian Human Rights Commission ප්රකාශනයක් ලස මුද්රීත පොතක වසර 20 ක් ඇතුලත වධහිංසා සිද්ධීන් 1000 ක් හා ඒවා පිලිබඳ වාර්තාවක් පිලියෙල කොට ඇත.
 
ලංකාවේ වධහිංසාවන් සිදුවේ ඒව පිටු දැකීමට ආංඩුක්රම ව්යවස්තාවේ මුලීක අයිතීවාසීකම් පරීච්චේදයේ 11 ව්ය්වස්තාවත් , මනව හිමිකම් කොමිසම් ්පනතත් , 1994 අංක 22 දරන වධහිංසා පිටු දැකීමේ පනතත් වැදගත්ය. මූලීක අයීතීවාසීකම් පුළුල්ව වධහිංසා සාකච්චා කරත් , මානව හිමිකම් කොමිසම් පනත හා වධ හිංසා පනත ශක්තීමත් දායකත්වයක් කරනැතී බව මගේ මතයයි.

මානව හිමිකම් කොමිසම් පනතෙන් මානව හිමිකම් කොමිසමට ලැබෙන බලතල හරහා කල හැකී දණ්ඩනීය සීමාවන්න් තීබීම් නිසා එය වඩා ශක්තිමත් එකක් ලේස මම නොදකීයි. කෙසේ වෙතත් ශ්රෙෂ්ඨාධීකරනයට නඩු පැවරීමේ කාලය දීර්ඝ කර ගැනීමට පහසුවක් වේ, ඒහැර පහරදීම වලක්වාගැනීමටත් මානව හිමිකම් කොමිසම වැදගත් ඒවගෙම නඩු කියන්නේ නැත්නම් මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කරවා ගන්න පුලුවන්.

වධහිංසා පනත නීතීගතවී මේ අවුරුද්දට අවුරුදු 26කී එයින් දඬුවම් කල ගනන සොයා බැලීම වටී හැබැයි වධහිංසා නැවතී නැත.

ඔබ වධහිංසාවකට ලක් වුවහෝත්?

වහාම ඔබ කල යුත්තේ කුමක්ද? ඔබ සාමාන්ය පුද්ගලයකුගෙන් වධහිංසාවට ලක්වුවහොත් පොලීසීය ඔබගේ සහයට එයි. ඔවුන් ඔබගේ සියලු අයීතීන් වෙනුවෙන් පෙනීසිටියි ඔබට කරදර වීමට කිසීම හේතුවක් ණත ඒත් පොලීසීය ඔබට පහර දුන්නොත් ඔබ වික්ෂිප්තයට පත්වේ, බයට පත්වේ කල යුත්තේ කුමක්දැයි ඔබට නොතේරේ.

මේවගේ අවස්ථාවක වහාම නීතීඥයකු හමුවන්න , ඒ වගෙම සල්ලී නැත්නම් අඩුම ගානේ නීතී අධාර කොමිසමටවත් යන්න. නැත්නම් මේ විශයටම සහය වෙන ආයතන තීබේ.
 
ඔබට රජයේ කිසියම්ම හෝ නිලධාරීයෙක් පහර දුන්නොත් ඔබට මූලීක අයීතීවාසීකම් නඩුවක් පැවරීය හැක. එම නඩුව ශක්තීමත් වීමට නම් කාරනා කීපයක් කර තීබීම වැදගත්ය.
 
1. වහාම රෝහල් ගත වන්න , සමහර විට තුවාල නැ කියලා නොගිහින් ඉන්න එපා අභ්යන්තර තුවාල තීබෙන්න පුලුවන්
 
2. අධීකරන වෛද්යය ණිලධාරීට පෙන්වා සියලු පහරදුන් තැන් පෙන්වා සිද්ධවූ සියල්ල වෛද්යයවරයාගේ රෝග ඉතීහස සටහනේ සටහන් වීමට වග බලා ගන්න, පහර කැ අයට මෙය කරන්න බැරී නම් ඒ අයගේ පවුලෙ අය හෝ මිතුරන් මෙය කරන්න. මේක තමයි වැදගත්ම ලියවිල්ල , ඒවගෙම පවුලේ අය පොලිස් පැමිනිල්ලක් කරන්න බාර ගත්තේ නැත්නම් පොලීස් අධීකාරීට පැමිනිලී කරන්න
 
3. රෝහලේ සිටීන විට රෝහල් පොලීසීය ඔබගෙන කට උත්තර ගැනීමට ආවීට නීතීඥ මහතකු නැතීව ප්රකාශ කිරීමට බැරී බව කියන්න මන්ද පොලීසීය , පොලීසීයට පක්ශපාත විය හැක කියන සාධාරන සැකය ඔබට ඇතීවීය හැකි නිසා. කෙසේ වෙතත් රෝහල් නිලධාරීන්ට සියල්ල ඉහත ආකාරයට කියන්න.
 
4. මේ සිද්ධීය දන්න සියලු දෙනාගෙන දැක්ක සියලු දෙනාගෙන දිවුරුම් ප්රකාශ ලබාගෙන අත්සන් ගන්න
 
5. ඒව චායාරුප හෝ විඩියෝ ගත වී ඇත්නම් ඒවා ලබ ගන්න දැන් CCTV ඇතී නිසා වඩාත් පහසුය.
6. ඇඳ ඉහපත වර්තාව රෝග නිශචය වාර්තාව හා Medico legal report ගත්තාද ? එක හරීයටම සිද්ධ උනාදැයී හොයා බලන්න. MLF රීපොර්ට් එක මහෙස්ත්රාත් අධීකරනයට් එවන්න කියන්න මේ ගැන මහෙස්ත්රාත් නඩුවක් යන්න එකත් වැදගත්
 
7. ඔබගේ මුලු අත්දැකීමම ලිඛිතව වර්තා ගත කරන්න
 
8. සමහර විට පොලීසීයෙන්ම ඔබව රෝහල් ගත කරත් මම ඉහතකී ලෙසම කරන්න රෝහලේදී ඔබට වඩා සුරක්ෂීත තත්ත්වයක් ඇතීවේ.
 
9. යම් විටක ඔබව බන්ඳනාගරගත කරාම ඔබ බන්ධනාගාරයට ඇතුලු කිරීමට පෙර එම බන්ධනාගාර නිලදාරීන්ට කියන්න ඔබට රජයේ නිලධාරීයෙක් පහර දුන්න කියා සියලු විස්තර කියන්න වහාම රෝහල් ගත වන්න ඔනා කියන්න , එතකොට එම නිලධාරීන් ඔවුන් ඟේ ආරක්ශාවට ඔබව වෛද්‍යවරයකුට ඉදීරීපත් කරනවා අධීකරන වෛද්යය නිළදරීන්ට ඔබව යොමු කරන්න කියන්න.
 
10. ඔබ වෛද්යය්වරුන්ට ඉදීරීපත් කලාම හා මහෙස්ත්රාත් වෙත ඉදීරීපත් කලාම ගැහුව කියල කියන්න වෛද්යය පරීක්ශනයක් ඔනා කියන්න , සමහර විට පහර දීලා මහෙස්ත්රාත් වෙත ඉදීරීපත් කරන්නේ නැ හා තර්ජනය කරනවා , කිව්වොත් මරනව කියල. එහෙම වෙලාවට කැගහල කියන්න මට ගැහුවා කියල.මේවා අපිට නඩු වලදී හමු වුන කතා
 
11. මානව හිමිකම් කොමිසමට කල හැකී ඉතා වැදගත් දෙයක් තමයි පොලීසී වලට ගිහින් කරුනු සොයා බැලීම ඒක මානව හිමිකම් කොමිසමෙනන් හොඳට කෙරෙනවා ඒ හින්ද ඔබට පොලීසීයේ තීයාගෙන ගහනවා නම් වහම මානව හිමිකම් කොමිසමේ අංකවලට දීගටම කතා කරලා කොහොම හරී නිලධාරීයෙක්ට කියල පොලීසීයට ඇමතුමක් දීගන්න , මොකද මානව් හිමිකම් කොමිසමට පැමිනිලී කලාම පොලීසීය පහර දෙනවා නම් ඒක ඔවුන් නවත්වනවා. අපිට වැදගත් අපේ කෙනාගේ ජීවිතය් බේරා ගන්න එකයි.
 
12. මූලීක අයීතීවාසීකම් නඩුවක් දැම්මම මානව හිමිකම් කොමිසම තමන්ගේ පරීක්ශණ අත්හිටවනවා. ඒවගෙම මානව හිමිකම් කොමිසමේ දෙන ලදු පතත් ඔබට හොඳම සාක්ශීයක් උසාවීයට යනකොට .
 
13. මුලීක අයිතීවසීකම් නඩුව දාන කොට මාසයක් ඇතුලත දාන්න ඔනා ඔබ රෝහලේ නම් රෝහලෙන් අවාට පස්සෙ ඉඳන් තමයි දින ගනන් ගන්නේ, ඔබ හිරේ හිටිය නම් හිරේ සිට අවාට පසුව තමයි දීන30 ගනන් ගන්නේ ඒවගෙම මානව් හිමිකම් කොමිසමට පැමිනීලී කලා නම් මාසයක් ඇතුලත එතකොට දින30 ප්රශනයක් නැ. ඒත් සක්රීය
පැමිනිල්ලක්වශයෙන් එය තියෙන්න ඔනා.
 
14. පහරදීම නඩුවලට ලක්ශ15ට වඩ අවන්දී දීපු වෙලවල් තියනවා
 
15. සුවීශේශ අවස්ථා හැර අධීකරනය වධහිංසා නඩු ඉල්ල අස් කර ගන්න දෙන්නේ නැ.
 
16. ඔබ හොරකමක් කරන කොට පොලීසීයෙන් ඔබ අල්ලගෙන ගිහින් ඉන්න කොට කරන්න පහරදීමකදී ඔබට අධීකරනයෙන් එතරම් අනුකම්පාවක් නොලැබුනත් ඔබ අහිංසකන් නම් පොලීසීය කියන්නේ බොරු නම් එහෙම සොරකම් චෝදනා කල පමනින් අධීකරනය නඩුව ඉවතා දාන්නේ න්නැ ඒ වගෙම සොරකමක් හෝ මිනීමැරුමක් කලා උනත් ඔබට පහර දෙන්න පොලීසීයටවත් කිසීම රජයේ නිලධාරීයෙක්ටවත් බැ.
 
17. මෙතනදී පිරිසිදු දැතීන් අධිකරනයට යන්න ඔනා කියන කතාව තමයි මෙතැනදී භාවීතා වෙන්නේ
 
18. නඩුව මුලීන්ම ගත්තම අධීකරනය විශේශයෙන්ම බලන්නේ අධීකරන වෛද්යය වාර්තාව එකේ ඉතා පැහැදීලී නම් එහෙනම් බොහෝ විට ඔබට ශක්තීමත් නඩුවක් තියනව එහෙම අවස්තාවවල නඩුව පවත්වාගෙන යන්න අවසර දුන්නොත් අධීකරනය , එතකොට නීතීපතී දෙපාර්තමෙන්තුවත් පහරදීපු රජයේ නිලධාරීන්ට කියනවා තමන්ගේ විදමින් නීතීඥයන් සොයා ගන්න කියලා , නීතීපතී දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ නීතීපතී වෙනුවෙන් පමනයි කියලා , මොකදා වධහිංසා නඩුවක නීතීපතී වගෞත්තර කරුවකු කිරීම අනිවාර්යයි.
 
19. ඊටපසු සතී 6 කින් විරෝධ්තා, අනතුරුව සතී 2 කින් ප්රතීවිරෝදතා හා එකඟතාවය ඇතීකරගත් දිනයක විභාගය, විභාගයට පෙර ලිඛිත දෙශන දූනේ නැත්නම් ඔබට නඩුවට පෙනීසීටීමට නොහැකී වීම හෝ ලොකු ගාස්තුවකට යටත් වෙන්න වෙනවා එගැන ඔබේ නීතීඥ මහතාගෙන් අහන්න .
ඊටපසු නඩු තීන්ඳුව ඔබ වන්ඳී ඉල්ලුවොත් වන්ඳී ලැබීම තීරනය කරන්නේ අධීකරනය. ඔබට ඔනැම ගානක් ඉල්ලන පුලුවන් ඒත් දෙන්නේ අධීකරනය.
 
20 ඔබගේ නඩුව ගැන නීතීපතී දෙපාර්තමේන්තුවටත් දනවල වධ හිංසා පනත යටතේ නඩු දාන්න කියලත් ඉලීමක් කරන්න නඩු දාන එක ඔබගේ අයීතීවා්සීකමක් , ඒක හොඳ ප්රායෝගීක පියවරක් , පහරදීලා මැරීලා නම් පවුලේ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්.
 
21. www.police.lk වෙබ් එකේ tell IGP තීරයට නිකමට පැමිනිල්ලක් දාන්න ඒවගෙම පොලිස් අධීකාරීටත් කියන්න ඒවගෙම එම පොලීස් පරීක්ශනවලට යනකොට නීතීඥවරයකුත් එක්ක යන්න ඒවගෙම කිසීම හේතුවකට එහීදී සමාදාන වෙන්න එපා
 
22. ඔබේ නිවසට ඇවිල්ල ඔබව අත් අඩංගුවට ගත්තා නම් අව පොලිස් නිලධාරීන්ව හඳුනා ගන්න උත්සාහ කරන්න ඔවුන්ගේ අංක හැඩරුව තරූ ගනන ඒවා සේරම මතක තියා ගන්න, ආව වහනයේ අංකය මතක තීයා ගන්න අත් අඩංගුවට ගන්නවා නම් හේතුව හා ලදු පතක් ඉල්ලන්න ගෙදර අයට .
මානව හිමිකම් Hotline එක 1996 or 011 2505575
 
වඩා වැදගත් දේ තමයි ඔබ මේතැනදී මොකද කරන්නේ කියන එක බොහෝ විට අපීමයි මේවගේ දේවල් වලට උල්පන්ඳම් දෙන්නේ පාරේ පික් පොකට් කාරයකුටවත් ගහන්න බැ ගෙදර නොනට ගහන්නත් බැ ඒත් අපී සිතින් හරී මේවට උල්පන්දම් දෙනවා සමාජය මේව වෙනස් කරොත් අපීට කාටව්ත් ඇඟීලී දික් කරකර ඉන්න ඔනා නැ. අපී මේවට සාමුහීකව හා පුද්ගාලීකව පියවර ගත්තොත් හා එරෙහී වුනොත් ලංකාව වඩා ලස්සන තැනක් වෙයි.
 
පහර කැමට ලක්වුනු වින්දීතයෝ එලියට එනවා බය නැතුව මේව නවත්වන්න ලේසීයි.
වැදගත් සටහන්
ශ්රීයානි එරෙහීව ඉද්දමල්ගොඩ ( Shreeyani Vs Iddamalgoda ) නඩුව වැදගත් වෙන්නේ මේ නඩුවෙදී ගුටිකාපු කෙනා නැත්නම් අපරාධ වින්දීතයා මියගියා. අධීකරනය අවසර දුන්න බිරිඳට නඩුව පවරන්න මුලීක අයීතීවාසීකම් නඩු පවරන්න පුලුවන් වින්දීතයන්ට හෝ මහජන ලැදීයාවන් වලදී පමනක් නිසා , අනෙක තමයි සමහර නඩු ව්යර්ත වෙනවා අත් අඩංගුවට ගත්ත අය හෝ පහරදීපු අය නිසි ලෙස හඳුනා ගත්තේ නැත්නම් , සමහර විට පොලීසීය විත්තී වාචකයක් ගේනවා මේව අපී පහර දීපුවා නෙමෙයි බන්ධනාගාරයේ කරපු පහරදීම් කියල මොකද බන්දනාගාර ගත වෙන්න කලීන් ඒව හරීයට වාර්ථාවෙලා නැ නැත්නම් බන්න්ධනාගාරයට ඇතුල් වෙනකොටම ඒව කියලා නැ.
 
අධීකරන වෛද්ය වාර්තාවක් ගන්න බැරී උනා නම් එහෙනම් ලංකාවේ ඉන්න ප්රසිද්ධ අධීකරන වෛද්යවරයකු ගාවට චැනල් කරල ගිහින් පහරදීම් ගැන පහු වේලා හරී වර්තාවක් ගන්න , පොලීසීය සිවිල් පිට කරපු පහරදීමක් උනත් මේවගේ නඩුවකදී වැදගත් මොකද පොලීසීය කියන්නේ පැය 24 රැකියාවක්. තමන් ඉදීරීපත් කරන දීවුරුම් ප්රකාශ පරස්පරතා තියෙන්න බැ වෙලාවල් වල ස්ථානයේ හා එවැනී දේවල් වල. තමන් බීලද කියලත් වෛද්යයවරුන්ට පරීක්ශා කරන්න කියාන්න්න, පොලීසීය සමහර විට කරන දෙයක් තමයි එහෙම දෙයක් උනේ නැ කියලා දීවුරුම් ප්රකාශ ගේනවා වෙනත් සිවිල් පුද්ගලයන්ගෙන් එවැනී දිවුරුම් ප්රකාශ වචනයෙන් වචනය පරීක්ශා කරල කරුනු බිඳින එක දක්ෂ නීතීඥවරයකුට කරන්න පුලුවන්.
 
එහෙම පහර දෙන අයට කියන්නේ කිසීම දිනක මිනිසුන්ට පහර දෙන්න එපා . ලංකාවේ කිසීම නීතීයක එහෙම නැ. අද වන විට පොලීසීය පහරදීම කරන්නේ සාපෙක්ශව අඩුවෙන්, බොහෝ අය තමන්ට එල්ල විය හැකී මානව හිමිකම් නඩු ගැන සංවේදීයි.
 
නීතිඥ ලක්ෂාන් ඩයස්

Similar Posts