නිරෝධායන නීති උල්ළංඝණය කරමින් නිවසේ පිටුපසින් බැහැරවි උතුරු මැද පළාත් සභාවේ පිහිටි සේවා ස්ථානයට පැමිණි කළමනාකාර සහකාර නිලධාරිනියක හේතුවෙන් උතුරු මැද පළාත් සභා පරිශ්‍රය දැඩි විෂබීජානුහරණයට ලක්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශය  පියවර ගනු ලැබීය.

සිය පුත්‍රයාට කොවිඩ් 19 රෝගය වැලදීම නිසා පදිංචිව සිටින නිවාසය ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි අදාල කළමනාකාර සහකාරවරිය උතුරු මැද පළාත් සභාවේ පිහිටි සේවා ස්ථානයට  පැමිණ එහි ඇගිලි සටහන් යන්ත්‍රයේ ඇගිල්ල තබා තරප්පු පේලිය ඔස්සේ සිව්වන මහලට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබුණි.

ඇය මුඛ ආවරණය බෙල්ලට දමාගෙන තරප්පු පේලිය ඔස්සේ සිව්වන මහලට නැගි බවත් සිය පුත්‍රයාට කොවිඩ් 19 වෛරසය වැලදි තමන් ඔහු සමග කිට්ටු ඇසුරක් පැවති බව දැන දැනත් උතුරු මැද පළාත් සභා පරිශ්‍රයට පැමිණිම සම්බන්ධයෙන් අදාල ආයතන වහාම නීතිය ක්‍රියාත්ක කළ යුතු බව සේවකයන් පැවසූහ.

රෝගි නිලධාරිනියගේ සැමියා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු වශයෙන් සේවය කරනා අතර ඔහුගේ බිරිදට පුත්‍රයාට කොවිඩ් වැලදීම නිසා වහාම පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ උප පොලිස් පරික්ෂකවරයාට රෝගය වැලදි නැති බවට සෞඛ්‍ය අංශ නිලධාරින් තහවුරු කර ඔහුව ස්වයං නිරෝධායනය සදහා යොමුකර තිබුණි.

දැනට කොවිඩ් වැලදි සිටින පුත්‍රයා අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ සාදයකට සහභාගිවි ඇති බවත් ඔහු පුද්ගලයන් කිහිප දෙනෙකු සමග දුම්පානය කර ඇති හෙයින් ඔවුන් සොයා පරික්ෂන පවත්වන බව සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසුහ.

සේවාවන් විශාල ප්‍රමාණයකට ජනතාව පැමිණෙන ස්ථානයක් බව දැන දැන අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් අදාල නිලධාරිනියට එරෙහිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සේවකයන් විශාල පිරිසක් පැවසු අතර උතුරු මැද පළාත් සභාව දැඩි අනාරක්ෂිත බාවයකට මේවනවිට පත්වි ඇති බව සේවකයන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories