යල කන්නයේ ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙට්‍රික් ටොන් 20000කට ආසන්න අස්වැන්නක්  හිමි වු බව  ගාල්ල දිස්ත්‍රික් ලේකම්  සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

හෙක්ටයාර 11500ක වගා ඉලක්කය  සාර්ථක වීම ඊට හේතුවයි. එමෙන්ම ඉදිරි   මහ කන්නය  සඳහා ද හෙක්ටයාර 13450ක  වගා ඉලක්කයක්  අපේක්ෂා කරන අතර  කාබනික පොහොර  යෙදවීම සඳහා වැඩි අවධානයක්  යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු  දිස්ත්‍රික් ලේකම් සෝමරත්න  විදාන පතිරණ මහතා  සඳහන් කළේ   ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙවර  ගොවින් වෙතින්  පොහොර භාවිතයෙන්  30%ක්  කාබනික පොහොර  යෙදවීමට අපේක්ෂා  කරන බවයි.

ඒ සඳහා පුද්ගලික අංශය  දායක කර ගැනීමට අපේක්ෂිතය.කාබනික පොහොර නිෂ්පානය කිරිමට ගොවියන් දිරිමත් කර ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනය කරන සියලුම තොග කෘෂිකර්ම නිලධාරින්ගේ මැදිහත් විම මත පහසු මිලට ගොවියන්ට ලබාදිම හා වගා කටයුතු වලට එම පොහොර යෙදවිමට ගොවියන් දිරිමත් කිරිම ද ඒ තුළින් ලබාගන්නා වු අස්වැන්නට වස විෂ නැති කොම්පොස්ටි පොහොර යොදාගෙන සකස් කළ බත් කන්න ආදි වශයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරිමද සිදුකරන්නට දිසාපති වරයා නිලධාරින්ට උපදෙස් දි ඇත. මේ ආකාරයට ගොවිකම් කරන ගොවියන් ඇගයීමකට ලක් කිරීමට ද දිසාපති වරයා ඉදිරියේ දී පියවර ගැනිමට නියමිතව ඇත.

ජනාධිපතිතුමන්ගේ  සෞභාග්‍යා ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව    ජාතික  කෘෂි කර්මාන්ත පද්ධතිය  දියුණු කිරීමට  සමගාමීව  මෙම වැඩසටහන් ක්‍රියාත්මකය.

ගාල්ල දිස්ත්‍රික්කයේ කෘෂි නිලධාරින් කුමුරට ගොවියෝ මඩට ගාල්ල දිසාපති තුමාගේ අණක්

වර්ෂා ජලය  ගබඩා කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව  වැව්වල ධාරිතාවය වැඩි කිරීමට ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින්   කුඩා වැව්  තෝරා ගෙන සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතියක් රජය මගින්  ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පසුගියදා පැවති කෘෂිකර්ම කමිටුවේදී  දැනුම් දෙන ලදී.

මෙම වාරි සෞභාග්‍යා  වැඩසටහන යටතේ  ගාල්ල දිස්ත්‍රික්කයේ  සියලුම ගොවිජන සේවා බල  ප්‍රදේශ ආවරණය කරමින්  වර්ෂා ජලය ගබඩා කිරීමේ  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර  මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කරයි. මෙහිදී දිස්ත්‍රික්කයේ  ගොවිජන සංවර්ධන  බල ප්‍රදේශයකින්  කුඩා වැව් අවම 03ක් හෝ  05ක් අතර ප්‍රමාණයක් සංවර්ධනය  කිරීම සිදු කෙරේ.

පුරාණ රෝහණයේ ප්‍රමුඛතම අංග ලක්ෂණය වුයේ කුඩා ගම් වැව් ක්‍රමයයි. මේ එක් එක් වැව ඊට අයත් කුඹුරු යායට දිය සපයා අනෙක් වැවට සම්බන්ධ වී එය පෝෂණය කරන ලදි. රුහුණේදි පුරාණ රජ රටදි තරම් මහා පරිමාණීය ආකාරයේ විශාල ජලාශ හා ඇළ මාර්ග සංවර්ධනයක් සිදු නොවීය.

කුඩා වැව් පද්ධතියකින් පෝෂණය වු වාරිමාර්ග තිබුණි.රජරට වාරිමාර්ග ජාලයෙන් රුහුණේ වාරි කර්මාන්ත වෙනස් වන ප්‍රධාන ලක්ෂණයනම් රජරට මෙන් මෙහි යෝධ ජලාශ සම්බන්ධ කරන ඇළ මාර්ග පද්ධතියක් නොවීමයි.

වැව හා සම්බන්ධ වු අංග සියල්ම ආරක්ෂා කිරිම සිදු කොට ජලය විද්‍යාමකව වැව්වල තැම්පත් කිරීමට මෙහි දී දිසාපති වරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරු වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රම මෙහි දි ක්‍රියාත්මක කල යුතුව තිබෙනවා

.පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ගොවියාට අවහ්‍ය ජලය ලබාදෙන්න පියවර ගත යුතුයි. මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදම පියවර ගන්න.

ඒ අනුව,වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.ගගක් හා ඔයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය,බෙදාහරින ඇළ මාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරු මාර්ගය සංවර්දනය කිරීම තුලින් ගොවියාට පහසුවෙන් වගා බිමට ජලය ගෙන වගා කටයුත කරන්ට හැකි වීම නිසා ගොවියා වෙනද‍ාට වඩා ගොවි තැන් කිරිමට උනන්දු වෙන බවද දිසාපති වරයා කියයි.

එනිසා  සියලු රාජ්‍ය නිලධාරින්,දේශපාලන අධිකාරිය සහ ගොවි සංවිධාන ආදි සියලු දෙනා  එක්ව  ගොවිජන සේවා මට්ටමින්  සුදුසු ව්‍යාපෘති තෝරාගෙන  තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්,ගොවියන් හමුවන්නට වග බිමට විෂයභාර නිලදාරින් ගොස් උපදෙස් දිම අනිවාර්ය බවත්  දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts