ගිනිගත්හේන නගරයේ සිට පාසල් වෙත යාමට ඇති කෙටි මාර්ගය කුණු කසලවලින් පිරි යාමත් සමග එම මාර්ගයේ ගමන් කරන පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
ගිනිගත්හේන නගරයේ සිට ගිනිගත්හේන මධ්‍ය මහ විදුහල, ගිනිගත්හේන ප්‍රාථමික විදුහල මෙන්ම තවත් ගම්මාන කිපයක් සදහා යාමට ඇති මෙම කෙටි මාර්ගයේ මෙසේ නිරන්තරයෙන් කුණුකසල ගොඩ ගැසිම් සිදුවන බවත් එම තත්වයන් මත මෙම මාර්ගයේ ගමන් කිරිමද දැඩි ලෙස අසීරු තත්වයක පවතින බවත් එම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකු පවසති.
මෙම මාර්ගය තුල පවතින කුණු කසල හේතුවෙන් මෙම මාර්ගයේ ගමන් කරන තම පාසල් දරුවන්ගේ සෞඛ්‍යටද විවිධ තර්ජන ඇතිවිමේ අවදානමක් පවතින බව එම සිසුන්ගේ සමහර දෙමාපියන් පවසන අතර මෙම මාර්ගය සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගන්නා ලෙසද අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්