ශ්‍රිලංකා පුවත්පත් ආයතනය මගින් තොරතුරු දැන ගැනිමේ පනත පිලිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදින් සමාජ ක්‍රියාකාරින් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන් නගරයේ පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි.

මෙම වැඩ මුලුව සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදින් පිරිසක් මෙන්ම සමාජ ක්‍රියාකාරින් පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත මගින් රාජ්‍ය ආයතනවල විවිධ තොරතුරු ලබා ගන්නා ආකාරය පිලිබදව එම පිරිස් දැනුවත් කිරිමක් කරන ලදි.

එම දැනුවත් කිරිම් සම්බන්දයෙන් අදහස් දැක්වු එම වැඩ මුලුවට එක්වු කිප දෙනකුම පවසන ලද්දේ ප්‍රදේශයේ සමහර රාජ්‍ය ආයතනවල තොර තුරු දැන ගැනිම පිලිබදව වඩාත් හොද දැනුමක් මෙම වැඩ මුලුව තුලින් ලැබුන බවත් ඒ අනුව ඉදිරියේදි තමන් මෙයින් උපරිම ප්‍රයෝජන ගැනිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts