හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසිමත් ඒ අසල පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය හැටන් නගර ශාලාව පිටුපස පිහිටා ඇති අතර හැටන් ප්‍රදේශයේ එකතුවන කුණු කසල දැනට දිගු කලක සිටම එම ස්ථානයේ ගොඩ ගැසිමත් සමග ඒ අසල පිහිටි හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා, එම විහාරස්ථානයට පැමිනෙන ස්වාමින්වහන්සේලා ඇතුළු බැතිමතුන් මෙන්ම ඒ අසල පිහිටි විදුහලේ පෙර පාසල් දෙකේ සිසුන් ගුරුවරුන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම විහාරස්ථානයේ හිමිනමක් පවසනුයේ මෙම කුණු ගොඩ තුලින් හමන දැඩි දුගද හා මැසි මදුරු උවදුර හේතුවෙන් තමන්ට දායකයන් විසින් පිලි ගන්නවනු ලබන දානය හෝ නිසි ලෙස වැලදිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
මෙම කුණු කසල ගොඩ ගැසිම මේ වන විට මාස ගනනාවක් පුරාවට නගර සභාව මගින් සිදු කරන බවත් මෙම කසල ගොඩ හේතුවෙන් තමන් මෙන්ම විහාරස්ථානයට පැමිනෙන ආගන්තුක ස්වාමින් වහන්සේලා ඇතුළු බැතිමතුන් පත්ව ඇති දුෂ්කරථාවයන් පිලිබදව නගර සභා නිලධාරින් කොතෙක් දැනුවත් කල මෙම කසල ගොඩ ඉවත් කිරිමට කිසිදු පියවරක් නෙගන්නා බවත්ය.
මෙම කසල ගොඩ හේතුවෙන් එම ප්‍රදේශය පුරා මැසි මදුරු උවදුරද දැඩි ලෙස ඉහල යාමත් සමග ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ දැඩි අවදානමක්ද හට ගෙන ඇත.
මෙම කසල ගොඩ තුලින් පවතින දැඩි දුගද හා මැසි මදුරු උවදුර හේතුවෙන් එම ස්ථානයට යාබදව පිහිටා ඇති නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ කාර්ය මණ්ඩලය හා එම බෙහෙත් ශාලාවට පැමිනෙන රෝගින්ද දැඩි ප්‍රිඩාවන්ට පත්ව ඇති අතර එයට තාවකාලික පියවරක් ලෙස එම බෙහෙත් ශාලාවට පැමිනෙන රෝගින් බෙහෙත් ශාලාව තුලට ඇතුල් කරගෙන දොරවල් වසා ගෙන ප්‍රථිකාර කිරිමට එහි කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බල ප්‍රදේශයේ එකතුවන කුණු කසල බැහැර කිරිම සදහා ඉඩම් කොටසක් නගර සභාව සතුව නොමැති විමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
දැනට වසර ගනනාවක් තිස්සේ මෙම කසල ප්රශ්නය විසදිම සදහා ඉඩම් කොටසක් ලබා දෙන ලෙසට අදාල බලධාරින්ගෙන් ඉල්ලිම් කලද මේ වන තෙක් එය ඉටු නොවිමත් සමග මෙම කසල ප්රශ්නය මේ වන විට උග්‍ර තත්වයට පත්ව ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්