දික්ඔය ලෙතන්ටි වතුයායේ 07වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් පස් දෙනකු හා පිරිමි තිදෙනකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත.

මෙම පිරිස 07වන දින එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම පිරිසට පහර දීමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත.

මේ පිලිබදව අදහස් දක්වන එම වතුයායේ පිරිසක් පවසන ලද්දේ මෙම වතුයායේ ගස් මත බබර කුඩු බැද තිබෙන බවත් එයින් එක් බබර කුඩුවක සිටි බබරුන් මෙසේ තමන්ට එලව එලවා පහර දුන් බවත් එම පහර දිමෙන් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බවත්ය.

වතු කරය තුල පවතින මෙම බබර ප්‍රහාරයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස වතු තුල සේවය කිරිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව තිබෙන බවද ඔවුන් පවසති.

එමෙන්ම වතු තුල සිදුවන මෙම බබර ප්‍රහාරයන් හේතුවෙන් තම ජිවිතවලටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

බබර ප්‍රහාර හේතුවෙන් රෝහල් ගත කරන ලද අට දෙනාගේ තත්වයන් බරපතල නොවන බවත් ඔවුන් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories