ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම සති අන්තය තුලදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දිගු පෝලිම්වල වන්දනාකරුවන් රැදි සිටි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

10වන දින සවස් කාලයේ සිටම හැටන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් මෙම තත්වයන් මත ගගුලතැන්නේ සිට ශ්‍රිපාද මළුව දක්වා දැඩි තදබදයක් පැවති බවද එම නිලධාරියා පැවසිය.

එමෙන්ම වන්දනාකරුවන් රැගෙන විශාල රථ වාහන ප්‍රමාණයක් පැමිනිමත් සමග නල්ලතන්නිය රථ වාහන නැවතුපලවල් ඉඩ මදි විමෙන් සමහර රථ වාහන නල්ලතන්නියේ සිට මාඋස්සාකැලේ දක්වා නතර කර තැබිමට සිදුවු බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.
ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් ජෙශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්ම කර ඇත.

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි 44 දෙනකු 10 හා 11 යන දින දෙක තුලදි අත් අඩංගුවට ගත්බව හැටන් කොට්ඨා‍ශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පොලිස් නිල සුනඛ ස්ටවුඩ් උපයෝගි කර ගෙන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටිබේරිය ප්‍රදේශයේදි ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන පරික්ෂාවකදි මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත්ය.
මෙසේ අත් අඩංගුවට ගත් පිරිසෙන් 20 දෙනකුම අවුරුදු 18ත් 20ත් අතර තරුණයන් බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සියලුම දෙනා හැටන්දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories