දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයේ විවිධ රාජකාරි කරන පිරිස් සදහා අවශ්‍ය නිල නිවාස පහසුකම් නිසි ලෙස නොමැති විමත් සමග එම සේවක පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

දුර බැහැර ප්‍රදේශවල සිට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල විවිධ රාජ්‍ය ආයතනවල  සේවය සදහා පැමිනෙ බොහෝ දෙනකු පවසනුයේ තමන්ට නිසි ලෙස නිල නිවාස පහසුකම් නොමැති බවත් එම තත්වයන් මත තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මහ නුවර තලාතුඔය, ගම්පල, කඩුගන්නාව, වැනි ප්‍රදේශවල සිට තමන් තම ආයතනයේ සේවයට පෙරවරු 8.00ට 8.30ට වාර්ථා කිරිම සදහා අලුයම 5.00ට පමන මහනුවරින් ගමන් ආරම්භ කරන බස් රථයේ පැමිනිය යුතු බවත් ඒ සදහා තමන්ට අලුයම 3.00, 4.00, සිට සුදානම් විය යුතු බවත් එසේ සේවයට පැමිනෙන තමන් සේවය නිම කර නැවත හැටන් සිට සවස 5.30 හෝ 6.00ට පමන බස් රථයෙන් මහ නුවරට යන විට රාත්‍රි 8.00, 9.00 පමන වන බවද ඔවුන් පවසති.

මහනුවර සිටද නැවත බස් රථවල තමන් නිවසට යන විට සමහර දිනවල රාත්‍රි 10.00, 11,00 පමන වන බවත් නැවත පසු දින අළුයම 3.00, 4.00ට පමන රැකියාවට යාමට සුදානම් විය යුතු බවත් මෙම තත්වයන්  හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන්නා සේම තම පවුල් ජිවිත තුලද විවිධ ප්‍රශ්න පැන නගින බවත් ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ කාරුණික අවදානය යොමු කර තම ගම් ප්‍රදේශයන්ට ස්ථාන මාරුවිම් ලබා දිමට හෝ තමන් සේවය කරන ප්‍රදේශවල නිල නිවාස හෝ ලබා දිමට කටයුතු කරන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories