පරණ කෝට්,පරණ කෝට්,පිත්තල බොත්තං කැඩිච්ච පරණ කෝට් යැයි ගීතයක් ඇසෙයි. අපි කියන්නට යන්නේ පරණ කෝට් ගැනද නැත.පරණ යකඩ ආදි අඹලි ද්‍රව්‍ය කර්මාන්තයේ ඇතුලාත්තයයි.රටපුරා පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ මේවන විට මෙම කර්මාන්තයෙන් ජීවත් වේ.
පරණ යකඩ සියලුම ඉවත දමන යකඩ හා අනෙකුත් දෑ මිලට ගැනීම හා විකිණීම,යකඩ,තහඩු,බැරල්,චට්ටි,වට්ට්,පෙට්ටි,පරණකැඩුණු ශිතකරණ සිතකරණ,ප්ලාස්ටික් බැටරි,තඹ,පිත්තල,මොනිටර්,පොත්,පත්තර,ඇලුමිනියම්, ආදී බොහෝ දෑ මිලට ගනු ලැබේ.පරණ යකඩ අවශ්‍යයි. කියා බෝඩ් ගසා තිබෙන ආකාරයක්ද දැකිය හැකිය.ඒ ලංකාවේ විවිධ නගරවලය.
ඕනෑම පරණ යකඩ ප්‍රමාණයක් අප මිලදී ගනු ලැබේ උපරිම මිලකට,මුදල් එවලේම දෙනවා.පරණ දේ වෙනුවට අලුත් දේ ද දේ. කැඩුනු පුටුවකට ප්ලාටික් බේසමක් දෙනවා යැයිද කියමින් මේ මේ කර්මාන්ත කරුවෝ මේ රස්සාව නැතිනම් මේ පාරිසාරික සේවා සිදු කරති.පරිසරය පිරිසිදු කරන ගමන්නම,පරණ දේවල් වටල අගයක් වටිනාකමක් දෙනවා.මේ අද වන විට ලංකාවේ ලයිස්පීකරයෙන්,කිය කියා යන ඩිමෝ රථ රටපුරා ගම්වල නගරවල සැරි සරති.
සිංහල, දම්ළ හා මුස්ලිම් පිරිස් මේ රස්සාව සිදුකරති. වැඩිපුරුම අපි නොසිතුවට මේ කර්මාන්තය කරන්නේ තරුණ පිරිස් බැව්ද අප මේ පිළිබඳව ගවේෂණය කරන්නට යන විට දැක ගත් හැකි විය. අපට මතකයි එදා පාපැදිවලින් ගම්මානවලට පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ පරණ යකඩ එකතු කරගෙන ගියහ. මොවුන් ඒ සඳහා පාපැදි භාවිතා කළ අතර,ටික කලක් යනවිට මෙම වෙළෙඳුන් පැමිණියේ සී.ඩී. 125 යතුරු පැදිවලිනි. යතුරු පැදියටත් සමුදුන් මෙම වෙළදුන් මෑත කාලයේ පැමිණියේ කුඩා වෑන් රථයෙනි. ඔවුන්ගේ දියුණුවයි. දියුණු වන පිරිස් ඒ ගැන හිතන පිරිසටද මේ කර්මාන්තයට දොර විවර වී ඇති බව පරණ යකඩ එක්ලස් කරන කර්මාන්තයේ නියලෙන පිරිස් කියති.
කර්මාන්තයේ යෙදෙන්නේ මුස්ලිම්වරු පමණක් නොව දෙමළ හා සිංහල ව්‍යාපාරිකයින්ද පරණ යකඩ එකතු කිරීමේ කර්මාන්තයේ නිරතව සිටින ආකාරය දැකිය හැකිය.මෙම කර්මාන්තයට හොඳ ඉල්ලුමක් තියනවා යැයි කර්මාන්ත කරුවෝ කියති.
පරණ යකඩ එකතු කරන පිරිස් කියන කතා රැසකි. මේ ඔවුන්ගේ හඩයි. වැලිගම,එම්.ආර් පර්හාන් 27,දෙනිපිටියේ එම් ආර්. සෙල්ලම් 23,ගාල්ලේ එස් මිහාඩි 33,කොළඹ එම් රූපන් 27,කළුතර එම්.ආර් කොරයාඩ් 30, මීගමුවේ ටී.එචි මයිසූඩි 23,ගාල්ලේ මෙහොමඩ් රෂිප්27,මා ගාල්ලේ මෙහොමඩ් නියාස් 30,ගාල්ල දෙවට රුස්ලිම් 29 දික්කුඹුරේ පියන්ත 46, අකුරුස්සේ සේරසිංහ 50 යන පිරිස් අප සමග මෙසේ පැවසුහ.
මේ පිරිස පවසන පරිදි අඩු වැඩි වශයෙන්,අප දැනට වසර විසිපහක තිහක පමණ සිට පරණ යකඩ එකතු කරණවා. පරණ යකඩ එකතු කරලා කොළඹ ජා ඇළ පිහිටි කර්මාන්ත ශාලාවලට තමයි අපි ගෙනවිත් දුන්නේ.ඒ කර්මාන්ත ශාලා මගින් පරණ යකඩ උණු කරලා නොයෙකුත් උපකරණ හදන්න ගන්න පිලට් නැමති යකඩ බාදා හදනවා. මීට වසර 12 කට පමණ ඉහතදී අපි හොඳ ආදායමක් ලැබුවා.
පරණ යකඩ කිලෝවක් මිලදී ගත්තේ රුපියල් හතලිහකට හා පනහකට ගමේ අයද අපට යකඩ දුන්නා. නමුත් දැන් පරණ යකඩ කිලෝවක් රුපියල් රුපියල් 40සිට තිහ දක්වාද, රුපියල් 40 සිට පනහ දක්වාද මිල නියමවේ. යතුරු පැදියෙන් පා පැදියකින් නැතිනම් අද ඩිමෝ බට්ටා වාහනයකින් ගිහින් පරණ යකඩ එකතු කරපු වෙළෙන්දකු දිනකට රුපියල් 1000 ක් 2000 ක් හොයා ගත්තා.
තෙල් ගහලා දෙනවා වාහනයක්ද දෙනවා කරන්ත තියෙන්නේ ගමට ගිහින් යකඩ අරගෙන එන එකයි මාතර යකඩ එකතු කරන විදියේ තරුණයෙක් කීය.එය මා ගල්ල , වැලිගම යකඩ එකලස් කරන කඩවල පිරිස් අප සමඟ කීය.
මේ කාලයේ ප්‍රධාන යකඩ වෙළෙන්දා තමයි වනේ සංස්ථාව. වනේ සංස්ථාවට විතරයි පරණ යකඩ ගෙනාවේ. නමුත් පසුගිය කාලයේ ඉන්දියාවෙන් පිලට් යකඩ බාර් ගෙන්වන්න ඕනැම කර්මාන්ත කරුවෙකුට හැකි උනා. මේ නිසා යකඩ උණු කිරීමේ කර්මාන්තකරුවන් ඉන්දියාවෙන් පිලට් ආනයනය කිරීමට පටන් ගත්තා.
මේ කර්මාන්තය දැන් කඩා වැටිලා. විශාල පිරිසක් අමාරුවේ වැටිලා ඉන්නේ. බොහෝ අය මේ කර්මාන්තයෙන් ඉවත්වෙලා යනවා. මීට වසර පහ හයකට පමණ ඉහතදී අපි පරණ යකඩ කිලෝවක් කම්හල්වලට දැම්මේ රුපියල් 50 කට විතර දැන් එය රුපියල් 47 කට බැහැලා. ඒ විතරක් නෙවෙයි මෙරට නිවාසවල, කාර්යාල හා කර්මාන්තශාලා වලින් බැහැර කරණ අබලි යකඩ එක්රැස් කිරීම හේතුවෙන් පරිසර ගැටළු නැතිවුණා. දැනට අවුරුදු දහයක පමණ සිට මේ කර්මාන්තය කරනවා.
අපට යකඩ එකතු කරණ අය බඩු ගෙනවිත් දෙනවා. නමුත් මම දැන් පරණ යකඩ ගැනීම නතර කරලා වැඩපළ වහලා තියෙන්නේ.කම්බි වෙළෙඳාම නැතිවෙලා. අපි රජයෙන් අපි රැකියා ඉල්ලන්නේ නැහැ.අද මේ කර්මාන්තය සම්පුරණයෙන්ම කඩා වැටිලා.දේශීය කර්මාන්තයක් වන මේ කර්මාන්තය රැක ගැනීම සදහා බලධාරීන් වැඩ පිළිවෙළක් යෙදිය යුතුයි. විශාල පිරිසකට රැකියා නැතිවීමේ අවදානමක්ද තියෙනවා.
අපේ අය පොලියට සල්ලි අරන් තියෙනවා. බැංකු ණය අරගෙන තියෙනවා. යකඩ විකුණාගන්න විදියක් නැති නිසා ණය ගෙවා ගන්න බැරිව එක්කෙනෙක් හොරෙන්ම ඉන්දියාවට පැනලා ගිහින් තියනවා.
පරණ යකඩ එකතු කිරීම ව්‍යාපාරයක් ලෙස ඇරඹී මේ වනවිට වසර තිහ හතළිහකට වඩා නැති බව යකඩ එකතු කරන්නන්ගේ අදහසයි. එකල ගරාජ් කර්මාන්තශාලාවල එකතුවන අබලි යකඩ රැගෙන එනවිට ඒ ආයතනවලින් රැගෙන යන්නන්ට මුදල් ගෙවූ බවද ඔවුහු කියති. ක්‍රම ක්‍රමයෙන් කර්මාන්තය දියුණුවෙද්දී හා වෙළෙන්දන්ගේ සංඛ්‍යාව වැඩිවෙද්දී පරණ යකඩවලට මිලක් නියම වී ඇත. එය වරින්වර ඉහළ නැග අවසන් අවස්ථාව වනවිට එක් කිලෝවක මිල රුපියල් හතළිහද ඉක්මවා තිබේ.
මහත්තයා අපි මේ කරන අහිංසක රස්සාවට අපිට උපකාර කරන්න අපි වැරදි වැඩවලට යන්නේ නෑ.මේක තමයි අපි කරන්නේ මේ තරුණ පිරිස් කියති. යකඩ මෙන් සවිය ඇති තරුණ පිරිස් යකඩ සමඟ සෙල්ලම් වන්නේ ජීවත්වීමේ කාලවටය. ඒ හේ අහංසක මිනිසුනගේ කතාන්දරයයි.
ඉවත් දමන දේවල් මිල දී ගැනිම යහපත් දෙයකි. පරිසරය පිරිසුදු කරන ගමන්ම අතට මුදල් ඉතිරි වේ. මුදල් හෝ බඩු ජනතාවට ලැබේ.ඒ නිසා එය අගය කළ යුතුය.කිලෝ ගණනට හෝ කෑලි ගණනට හෝ ප්‍රමණයට මිල දී ගන්නා අතර , මුදල් ද එවලේම ලැබේ. යහපත් ලාභ ලැබෙන ව්‍යාපාරයකි.
හැබැයි පරණය නමුත් පරණ කැඩුණු දේ මිල දී ගන්නා වු අලුත් සල්ලි කාරයෝ ය. එය නම් නොකියා බැරිය.ඒ මහ මුදලා ලාලාය බෝතල් පත්තර ගන්නා වු පරිස්ද විකුණන පිරිද දුප්පතුන්ය. බෝතල් පත්තර හෝ පරණ යකඩ හෝ ප්ලාටික් මිල දී ගෙන මහ මුදලාලිට දෙන්නේද දුප්පත් සුළු වෙළෙඳන්ය. මේවා සපයන ලබාදෙන්නේ ද ගම් නගරවල සිටින දුප්පත් මිනිසුන්ය. දෙගොල්ලන්ම සිදුකරන්නේ අරගලයයක්ය. ඒ ජීවත් වීමේ අරගලයයි.ජිවත් වමේ ජනතා ජන අරගලයට ජීවය පන්නරය, ශක්තිය, සුසුම කඳුළ එක් කිරීමයි.
පරණ යකඩ බෝතල් පොත් පත්තර මිල දී ගන්නා වූ කිහිපදෙනෙකුගේ කතා කිහිපයකි.
එකලස් කරනු ලබන මේ යකඩ තොරා වර්ග කරනවා. වාහනවලින් ගෙනත් දෙනවා.දිනකට වාහනයකට ලොරියකට රුපියල් 800ක ඉන්ධන ගහලා දෙනවා. ගම්වලට ගිහින් යකඩ මිල දීගෙන මෙම ස්ථානයට ගෙන එනවා.
යකඩ පිත්තල, ඉවත් දමන ප්ලාටික් ආදිය වාහන අමතර කොටස් වාහන කෑලි මඩකඩ කා ඇති යකඩ අපිරිසිදු යකඩ ගොඩනැගිවලින් ඉවත් කරන අබලි යකඩ ප්ලාටික් ආදිය සියල්ලම තමයි ගන්නේ රුපියල් 30 සිට ඉහළට මිල ගනනකට ගන්නවා.ඉවත දමන විදිලි උපකරණ කොටස් මුළු නැන්ගෙන් ඉවත දමන කැඩුනු බිදුණු යකඩ ප්ලාස්ටික් උපකරණ සියල්ලම මෙම ස්ථානවල දැකිය හැකිය. සියල්ලම මිල දී ගන්නවා. සල්ලි දෙනවා.
ඒ මෙහොතේම යකඩවලට කිරලා මුදල් දෙනවා. යම් අයෙකුට යකඩ අරගන්න උවමනාවක් තිබුනොත් ඕනෑම යකඩ තොගයක් අපි දෙනවා.සියල්ලම කොළමට ද පටවනවා. සිල්ලරයේ ද මෙහි විකුණනවා. පරිසරය පිරිසිදු කරන ගමන් ඉවත් ලන දේ වල් සියල්ලම ගන්නවා ලංකාවේ හැම තැනම නගරවල මේ ආදි එකලස් කිරමේ ස්ථාන තියනවා. වැඩිපුරම මේ කර්මනාත්ය කරන්නේ සිංහල අය නොවෙයි. මුස්ලිම් අය දෙමළ ජනතාවද මේ රස්සාව සිදුකරන්නේ පරිසරයට අපමන වු අගයක් එක් කරවමිනි.මේවා සියලුලම මතුගම කොළඹට ආදි වශයෙන් ගෙනියන්නේ ලොරිවලිනි.
එක් වැඩපොලක විස්සක් තිහක් වාගේ සේවය කරනවා. රස්සාවට අපේ බොසා අපට ගෙවනවා.අපි තරුණයන් වශයෙන් මේ ආකාරයට යකඩ හා වෙනත් අබලි ද්‍රව්‍ය එකතු කරගෙන කපා යකඩ කොටස් ඔප මට්ටම් කරනවා. කොටසක් යළිත් ප්රතිශත්තිකරණය කරන්න කොළඹට ද පටවනවා.තැන තැන හැම තැනම ඉවත ලද දේවල් සියල්ලටම යළිත් සල්ලි කරනවා. ඒ අයට මුදල්ද ගන්නා අබලි ද්‍රව්‍යවලට ප්‍රමාණයට අපි ගෙවිම් කරනවා.
අපේ දෙමාපියෝ අපේ දරු පවුල් සියල්ලම ජිවත් කරන්නේ මේ රස්සාව කරලා තමයි. යකඩ සමඟ තමයි එළි උනොත් රෑ වුනොත් මඩ කඩ යකඩ පිරිසිදු කරලා නව යකඩ අලුත් යකඩ හදන්න තමයි කටයුතු කරන්නේ මේ වාගේ ස්ථානවලින් අරගෙන ගිහිල්ලා තමයි මේ කොටස් කොළඹ දි නව යකඩ සකස් කරන්නේ. ප්ලාටික් හා අනෙක් අබලි ද්‍රව්‍යද මේ ආකරයෙන් සකස් කර නැවතත් නිමි භාණ්ඩ වශයයෙන් වෙළෙඳ පොළට එක්කරනවා. මෙය ජාතික කටයුත්තක් වෙනවා.
දඩහඩියෙන් කඳුලෙන් ඔප ගැන්වෙන මේ අබලි යකඩ මේ තරුණ්‍යය ජිවන අරගලය සමගින් ඔපවත් වී පරිසරයට යළිත් ජිවය දී නව නිපැයුම් ලෙසින් යළිත් වෙළෙඳ පොලට එයි.දහඩියෙන් සේදෙන පරණ යකඩ අලුත් වී යළි සම්පතක් වශයෙන් රටට ලබා දෙයි. සම්පත් ඉතිරියට මේ තරුණයෝ කටයුතු කරති. සම්පත් සුරක්ෂිත වනවා වාගේම ආනයනය කළ යුතු විශාල යකඩ ප්‍රමාණයක් මේ නිසා සිමාවී ලංකාවේ ආර්ථික අරගලයට මේ තරුණ පිරිස් දෙන්නේ දැවැන්ත ජවයකි. සත්තකින්ම මෙය අගය කල යුතු කර්මාන්තයකි.
සටහන හා ඡායාරූප බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්