ප්‍රජා සවිබල ගැන්විම් ඇමතිට අවසන් ගෞරව දක්වන්නටයි අපි අද මෙතනට ඇවිත් තියෙන්නේ. ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මේ හදිසි අභාවය අපිට තදින් ඇතිවෙනවා වීශේෂයෙන් මට.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන ලද්දේ දිවංගත ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අදාහන උත්සවය අමතමිනි.
මෙම අදාහන උත්සවය නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩා පිටියේදි පැවති අතර එහිදි තව දුරටත් කතා කල මහින්ද රාජපක්ෂ මහතා ආරුමුගන් තොණ්ඩමන් මහතා සමුගන්න පැය කිපයකට පෙර ඔහුගේ පුතා බැනැ සමග මා හමුවුනා මට මතක නැහැ එතුමා ගිහින් එන්නන් කිවාද යන්නන් කිවාද කියලා.
එත් මට මතකයි එතුමා කතා කලා වතු කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම ගැන කතා කලා ඔහු අවසන් වරට ඉල්ලුවේ වතු කම්කරුවන්ට රුපියල් 1000/= වැටුප ලබා දිමට පියවර ගැනිම වතු කරයේ පාසල් වැඩි දියුනු කිරිම ගැන.
ඔහු කතා කලා කොවිඩ් වසංගතයෙන් ප්‍රිඩාවන්ට පත් වෙලා ඉන්න ඉන්න අයට සහන සැලසන්නේ කොහොමද කියලායි කතා කලේ ඔබලාගෙන්ු සමුගන්න පෙර එදා ඔහු මගෙන් සමුගත්තා ඔහු එදා කල ඉල්ලිමස් මම කැබිනට් එකටත් දැම්මා.
ඉන්දියානු අතමැති මට කතා කර තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව ශෝකය පල කලා එය ඔහුගේ පවනුලේ අයට දන්වන්නද කිවා එමෙන්ම තවත් විදේස් රටවල් කිපයකම නායකයන් මට කතා කර තොණ්ඩමන් මහතාගේ අභාවය පිලිබදව ශෝකය පල කලා.
තොණ්ඩමන් කියන්නේ වතු වතු කරයේ ජනතාවට ගහට පොත්ත වගේ සෞම්‍ය මුර්ති තොණ්ඩමනක් වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න ගැන පසු ගිය කාලය පුරා සේවය කල කෙනෙක් වතු කම්කරුවන්ට ප්‍රජා අයිතිය ලබා දිමට ඔහු විශාල සේවයක් කලා.
එදා සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතා මේ වතකුකරයේ ජනතාවගේ ජිවනක තත්වයන් වැඩි දියුනු කිරිමේ වගකිම ආරුමුගන් තොණ්ඩමන් මහතාට බාර දුන්නා ඔහු එය නිසි ලෙස ඉටු කලා.
2015 ආරුමුගන් තොණ්ඩමන් මහතා මා සමග එකතුවුනා එසේ එකතුවෙලා මේ වතු කරයේ ජනතාවගේ ජිවන තත්වයන් නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දුන්නා වතු තුල පාරවල් කොන්ක්‍රිට් කරන්න වතුකරයෙව් පාසලග් නගා සිටුවන්න කටයුතු කලා.
වතුවල ජනතාවගේ රුපියල් 1000/= ලබා දෙන්න කියමින් තරුනයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල වැටලුවා එය කලේ පේස්බුක් හරහා බොහොමයක් ජනවර්ග නියෝජනය කරන නායකයන් යන්නේ ජාතිවාදය උපයෝගි කරගෙන එත් තොණ්ඩමන්ලා කිසිම දිනක එසේ කලේ නැහැ එම නිසා වතු කරයේ ලේ වැගිරිම් සිදු වුනේ නැහැ මේ ජිවිත ආරක්ෂා කරගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න තොණ්ඩමන්ලා කටයුතු කලා.
තම බලය වෙනුවෙන් විෂබිජ තොණ්ඩමන්ලා වතු කරය තුල වැපුරුවේ නැහැ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක හිමියනක් පැවසුවා වගේ ආරුමුගන් තොණේඩමන් මහතා හැම ආගමකටම සේවය කලා ආරුමුගන් තොණ්ඩමන් හැම දාම කිවේ අපේ මිනිසුන් කියලායි අපේ මිනිසුන්ට සේවය කල යුතුයි කියලායි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවන ලද ශෝක පනිවිඩය සිංහල හා ඉංග්‍රිසි භාෂාවලින් ඉදිරිපත් කිරිම මධ්‍යම පලාත් ආන්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් සිදු කල අතර එය ද්‍රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඒ. සරවනබවාන් මහතා විසින් සිදු කරන ලදි.
මෙහිදි විපක්ෂය නියෝජනය කරමින් රවුප් හකිම්,ආන්ඩු පක්ෂය නියෝජනය කරමින් මහින්දානන්ද අලුත් ගමගේ, නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් නවින් දිසානායක යන මහත්වරුන් කතා කල අතර ජිවන් තොණ්ඩමන් මහතා විසින් ස්තුති කතාව සිදු කරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්