police

ප්‍රමාදවු උසස්වීම් ප්‍රධානය කිරිමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය කටයුතු කරද්දි ඒම උසස්විම් ලබාදිම ප්‍රමාද කරනු ලබන වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරින්ට දැඩිව විරෝධය පලකරමින් දිවයින පුරා විසිර සිටින පොලිස් සැරයන්වරුන් පිරිසක් පොල් ගසමින් දේව කන්නලව් කිරිමක් ඉදිරි සතියේදි සිදුකරන බව උසස්විම් නොලැබිමෙන් අසාධාරණයට ලක්වි සිටින පොලිස් සැරයන්වරුන් පිරිසක් අනාවරණය කලහ.

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාදකරනු ලැබු පොලිස් උසස්විම් මේවනවිට ලබාදිමට වර්ථමාන රජය පියවර ගෙන ඇතත් පොලිස්පතිවරයා පොලිස් කොමිෂම හා සෙසු උසස් නිලධාරින් උසස්විම් ලබාදිම ප්‍රමාද කරමින් සිටිමට විරෝධය පලකරමින් දේව කන්නලව්ව සිදුකර පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව පොල් ගසනා බව ඔවුන් කීහ.ඒ සම්බන්ධයෙන් අදහස් පලකල පොලිස් සැරයන්වරුන් පිරිසක්.

හැමදාම පොලිසියට සිදුවන අසාධාරණකම් ඉවසගෙන ඉන්න නිලධාරින්ට අමාරුයි.අපි සේවය කරන්නේ දැඩිම කලකිරිමකින්.වසර ගණනාවක් තිස්සේ ප්‍රමාදවු උපපොලිස් පරික්ෂක තනතුරට උසස් කිරිම වර්ථමාන ආණ්ඩුව යටතේ සිදුවුනත් තනතුරු ප්‍රධානය පොලිස්පතිවරයා හා කොමිෂම ප්‍රමාද කරනවා.අපි 2007 මැයි මස පළමුවෙනිදා තමයි සැරයන් තනතුරට පත්වුණේ.

මේවනවිට අපිට වඩා අඩු අධ්‍යාපන මට්ටමේ ඉන්න අය වගේම අපිට පහලින් හිටපු ඇතමුන් උප පොලිස් පරික්ෂක තනතුරට පත්වෙලා.පොලිස්පතිවරයා වගේම පොලිස් කොමිෂමට මේබව දැන්වුවහම කියන්නේ උසස්විම් ලැබු ප්‍රමාණය වැඩිනිසා තනතුරු ප්‍රධානය කරන්න බෑ කියලා.

ඔවුන්ගේ හිතවතුන්ට උසස්වීම් ප්‍රධානය කරා.අපි තවත් කාලයක් බලාගෙන ඉන්න ඕන උප පොලිස් තනතුරට පත්වෙන්නේ.මේ කණ්ඩායමේ ඉන්න බොහො පිරිසක් සතුටු දායක අන්දමින් රැකියා කරපු වැටුප් වර්ධක 13ක් පමණ ලැබු අය ඉන්නවා.

අගමැතිතුමා මේ උසස්වීම් ප්‍රමාදයෙන් තොරව ලබාදෙන්න කියද්දි ඇයි පොලිස්පතිවරයා ඇතුළු සෙසු පිරිස් මේ ආකාරයට කටයුතු කරන්නේ.අසාධාරණයට ලක්වු පොලිස් සැරයන්වරුන් 840ක් විතර විතර දිවයිනේ හැමතැනම ඉන්නවා.අපි තව දින කිහිපයක සිට රටපුරා බලසම්පන්න කෝවිල්වලට ගිහිල්ලා අකටයුතුකම් සිදුකරනා නිලධාරින්ට එරෙහිව පොල්ගසා කන්නලව් කරනා බව ඔවුන් පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts