පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා රැල්ලේ ආසාධිතයන් 67ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම හුදකලා කිරීමට කටයුතු කළ බව ද පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලේ ව්‍යාප්තිය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිණි.එහි දී දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද පැවසීය.
“කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ල වෙනදාට වඩා තැන් තැන්වලින් කොරෝනා රෝගීන් හඳුනාගැනීම් සිද්ධ වෙමින් පවතිනවා.මේ වන විට අපි රෝගීන් 67 දෙනෙක් හඳුනාගෙන තියෙනවා.
දිස්ත්‍රික්කය තුළ මරණ 03ක් වාර්තා වුණා.සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද පරික්ෂණවල දී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිරිකෙත ගම්මානය තුළින් කොවිඩ් රෝගීන් වැඩියෙන් හමුවීම නිසා සිරිකෙත වසම ජාතික කොවිඩ් මර්දන ඒකකය විසින් හුදකලා කරනු ලැබුවා.
ඒ ප්‍රදේශය තුළ පවුල් 600ක පමණ පුද්ගලයින් 1900ක් පමණ ජීවත් වෙනවා.ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අදාළ කටයුතු සිදුවෙමින් පවතිනවා.
දිස්ත්‍රික්කය තුළ දෙවන රැල්ලට වැඩියෙන් බොහෝ ස්ථානවලින් කොරෝනා රෝගීන් හමු වීම නිසා ප්‍රධාන වශයෙන් ම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අංශවල උපදෙස් මතම කටයුතු කරන්න.අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිට යන්න එපා.
පළමුවන අවස්ථාවේ දීත් දෙවන අවස්ථාවේ දීත් ජනතාව සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් එය පාළනය කරන්න සහය ලබා දුන්නා.ඒ වගේම මෙවරත් ඊට දොඩෙවෙනි සහයක් ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.”යැයි ද ඒ මහතා කීය.
ඊෂා මුදියන්සේ – පොලොන්නරුව