අපේ කාතාන්දරයේ කතා නායකයා සත්තකින්ම මිනිසුකු නම් නොවේ.ඒ කතා නායකයා සින්දර වු මාළුවෙකි.මේ කතාන්දරය අන්දර වැට සත්තකින්ම සුන්දර සුරංගනා කතාවක් නම් නොවේ.සැබැ ලෝකයේ ලංකාවේ සුන්දර මිල අධික මැණික් මෙන් සුන්දර ගමක සිටින සුන්දර ලස්සන මාළු යාළුවා සොය අප ගියෙමු. මේ ඒ මාළුවාගේ කතාන්දරයයි.
වර්තමාන සමාජයේ සුරතල් සතුන් ඇති කිරීම සුලභව දක්නට ලැබෙන අතර සුරතල් මසුන් ඇති කිරීම විනෝදාංශයක් මෙන්ම ආර්ථික උත්පාදන මාර්ගයක් වන අතර එය ශරීර සෞඛ්‍ය රැක ගැනීමට ඉවහල් වේ. හෘද රෝගීන් සදහා මෙය කදිම විසදුමකි.
ලක්ෂ 50 ක වියදමින් ඇතිකරන ලංකාවේ එකම යෝධ ඇරපයිමා ( දිග අඩි 06ක් ) තමයි අපේ කාත්න්දරයේ කතා නායකයාය.රත්නපුරේ පැල්මඩුල්ල මාළු සුරංග නමින් ආදරයට හඳුන්වන සුරංග පැල්මඩුල්ල මහතා ගේ සුරතල් මසුන් අංගනයේ මේ සත්වයා ජීවත් වේ.සුරංග හෙතෙම විනෝදයට මසුන් ඇති කර අතර සතුන්ට දක්වන්නේ අසීමත වු කරුණාවකි. සුරංග පැල්මඩුල්ල මහතාගේ විශාල වු මාළු ටැංකි අතරේ මහා මාළුවෙක් සිටිති.ඒ අප පෙර කි පරිදි අපේ කතාන්දරයේ කතා නායකයා ය.ඇරපයිමා නම් වු මාළුවාය.වසර 15ක් තිස්සේ මෙම මාළුවා සුරංග මහතා නඩත්තු කරන්නේ විශාල මුදලක් වැය කරමිනි. මෙම මාළුවා දැනට අඩි හයක් පමණ (06) දිගින් යුතුව දැවැන්ත මාළුවෙක් ලෙස වැඩෙමින් සිටිති.
දිනකකට මාළු කෑම කිලෝ විස්සක් (20) පමණ මේ සුරතලාට අවශ්‍ය වේ.සුරංග මහතා පවසන්නේ මේවවන විට මේ මාළුවා නඩත්තු කරන්නට රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර ඇති බවයි.( රුපියල් ලක්ෂ 50ක් මේ වසර 15 තළ මේ ඇරපයිමා ට හා අනෙක් මසුන්ට කෑම දමට වසර 15ක කාලයක දී වැය වී ඇත.) සුරංග මහතාගේ මේ මාළු නිකේතනයට ඔබටත් පිය නැගිය හැකිය.සුරංග මහතා මාළු ඇසුරට පිය කරන පුද්ගලයෙක් බව හෙතෙම කියයි.
ඇරපයිමා,ලොව විසාලතම මිරිදිය මාළුවා වේ. මේ මාළුවා දැක බලා ගන්නට හැකියාව ඇත්තේ සුරංග පැල්මඩුල්ල මහතාගේ මේ මින් මැදුරේ දීය.සත්තකින්ම මිනිසෙකුගේ ශරීර ප්‍රමාණයෙන් යුත් ඇරපයිමා හෙවත් මකර මත්ස්‍යයකුට ඇත්තේ බල්ලෙකුගේ ආයු කාලයකි. සමහර විට මේ අපේ මාව යළුවා අඩි 09ක් විතර දිගට වර්ධනය වෙනවා. අපේ මාළුවාට අඩි 06ක් වැඩි ඇත.මෙයා වසර 40ක් පමණ ජීවත් වනවාය කියනවා යැයි සුරංග පැල්මඩුල්ල මහතා පවසයි.
නමුත්,සාමාන්‍යයෙන්,ඇරපයිමා පිළිබඳව කතා කිරීමේ දී ඇරපයිමා වසර 15 ක් 20 ක් අතර කාලයක් ජීවත් වෙන බව සමහර සත්ව විද්වතුන් පෙන්වා දෙති. මිරිදියේ ජීවත්වන පොදු මත්ස්‍යයන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ කරමල්වලිනි.ඒ අනුව ඔවුන්ගේ ජීව පැවැත්ම සඳහා ජලයේ අම්ලකර වායුව දිය වී තිබීම අවශ්‍යය. එහෙත් ඇරපයිමාට එසේ අවශ්‍ය නැත.ඌ ආශ්වාස කරන්නේ අප මෙන් වායුගෝලයේ ඇති අම්ලකර වායුවයි තුලින් බව සුරංග පැල්මඩුල්ල මහතා පවසයි.
මිරිදියේ වෙසෙන පෙණහැල්ලක් සහිත මත්ස්‍යයකු වන දැවැන්ත ඇරපයිමා ය. මේ මත්ස්‍යයා අඳුරු කොළ පැහැ කොරපොතුවලින් වැසුණු ශරීරයක් ඇත්තෙකි. සිරුර මතුපිට තලයේ ගිනි දළුවක් මෙන් රත් පැහැ තීරයක් පසුපස වාලධියේ අග දක්වාම විහිද ගොස් තිබේ.මේ මාළුවා නඩතුතු කරන්නට නම් ඉතාම අසිරිය. මාළුවාගේ ටැංකිය නඩත්තු කිරීම පිරිසිදු ජලය ලබා දීම,ආදිය සිදුකරන්ට කිහිප දෙනෙක් යොදවන්නට සිදුවෙනවා යැයි සුරංග පැල් මඩුල්ල මහතා පවසයි.
ලෝකයේ සමහර රටවල මේ මසුන්ට හැදුනම් පත්ද නිකුත් කර තිබෙනවා. එය විශාල වු මසුන්ට සිදුකරන සරල විද්යාමක ප්‍රතිකර්මයක් වශයෙන් සිදු කරනවා.නමුත් ලංකාවේ නම් මේ සුරතල් මස්ය උද්‍යානවල ඇති කරන්නා වු සුරතළුන්ට එහෙම හැදුනුම් පත් නෑ. තමාට නිතර සලකන කෑම දෙන පුද්ගලයන් හොදින් හදුනා ගන්නට ඇරපයිමා හැකියාවක් තිබෙනවා.ඇරපයිමා සිටින නිවසක් හරිම සාමකාමියි වාසනාව ගෙන දෙනවා.මාසනාවත්ත මාළුවා කියලා තමයි සමහරු පවසන්නේ. මේයාට මිනිසුන් හදුනා ගන්නත් හැකියි.මිනිසාගේ හැගිම් දැනීම් හඳුනා ගන්න හැකි නිසා මේයා මිසිසාට සමීපයි. සුරංග මහතා පවසයි.
ඇරපයිමා මාළුවෙක් නම් පොඩි ටැංකියක දාලා පිරිමහන්න බෑ.මොකද පරම්පරා දෙකක අයිතිකාරයින්ගෙන් හුරතල් වෙන්න පුළුවන් විදිහට අවුරුදු 30ක් විතර ඉන්න මෙයාලා අඩි 15ක් විතර දිගට වැඩෙනවා. ඇලිගේටර්ලාත් අඩි 10ක් විතර දිගට හැදෙනවා සුරංග පැල් මඩුල්ල මහතා කීවේ ය.
ලොව මකර මත්ස්‍යයා යැයි හඳුනාගන්නා මේ සත්වයාගේ බෝවීම සිදු වන්නේ බිජුවලිනි. (බිත්තර වලිනි) ඒ බිජු ලන්නේ කැදලිවලය.ගංගාවේ මඩ සහිත භූමියක සාදන මේ කැදැල්ල සෙ.මී.15 ක පමණ ගැඹුරක් ඇති එකකි. ගංගාවල ජලය මැයි සහ අගෝස්තු අතර කාලයේ දී ක්‍රමයෙන් ඉහළ නඟියි.ඇරපයිමාවන් බිජු ලන්නේ ද මේ කාල වකවානුවේදීමය.
බිජුවලින් බිහිවන මේ මත්ස්‍ය පැටවුන් පෝෂණය වන්නේ ද ඉතා සුවිශේෂ ක්‍රමයක් මතයි.ඒ අනුව මත්ස්‍ය ගැහැණු සත්වයාගේ හිසෙහි ඇති ග්‍රන්ථියකින් වැගිරෙන දියරයක් නිසා පැටවු පෝෂණය වෙති.එසේ පෝෂණය වෙන මේ පැටවුන්ව අනතුරක දී ආරක්ෂා කරගන්නේ පියා ය. ඒ සිය මුඛය තුළ වූ පැසකට ඇතුළු කර ගැනීමෙනි. එතැන දී මව් මත්ස්‍යයා ද ඔවුන්ව අත් නොහැර යමින් ඒ අසල ම ගැවසෙමින් ඒ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට කටයුතු කරනු ද දැකිය හැකිය.
සත්කින්ම හොඳින් වැඩුණු ඇරපයිමා මත්ස්යයකුත් හොඳින් වැඩුණු මිනිසෙකුත් අතර ලොකු වෙනසක් නැත. ඒ අනුව හොඳින් වැඩුණු කල එවැනි මත්ස්‍යයකු අඩුම තරමින් අඩි 6 ක්වත් දිගය.මාංශ භක්ෂයකු වන මේ දැවැන්ත මිරිදිය මත්ස්‍යයා පොදුවේ ආහාරයට ගන්නේ ක්රස්ටේසියා විශේෂයට අයත් ජීවින් වුණත් ගං ඉවුර ආසන්නයේ වෙසෙන කුඩා සත්ව විශේෂයන් ද ගසා කෑමේ දඩයක්කාර හැකියාවක් ද මොහුට තිබේ.
සුරංග පැල් මඩුල්ල මහතා මුස්ය ආහාර හා කොළ වර්ග ආදිය දිනකට කිලෝ විස්සක් පමන මේ සත්වයාට ලබා දේ. මේ සඳහා තුන හතර දෙනෙක් මාළුවාට සත්කාර කරන්නට යොදවන්ට ද සුරංග පැල්ලමඩුල්ල මහතා සමඟ දින පතා එක් වේ.
මිනිසෙකුගේ ශරීර ප්‍රමාණයෙන් යුත් ඇරපයිමා හෙවත් මකර මත්ස්‍යයකුට ඇත්තේ බල්ලෙකුගේ ආයු කාලයකි.මිරිදියේ ජීවත්වන පොදු මත්ස්‍යයන් ආශ්වාස ප්රාශ්වාස කරන්නේ කරමල් වලිනි. ඒ අනුව ඔවුන්ගේ ජීව පැවැත්ම සඳහා ජලයේ අම්ලකර වායුව දිය වී තිබීම අවශ්‍යය.එහෙත් ඇරපයිමාට එසේ අවශ්‍ය නැත.ඌ ආශ්වාස කරන්නේ අප මෙන් වායුගෝලයේ ඇති අම්ලකර වායුවයි. ඒ, ඌ පෙණහැලි මත්ස්‍යයකු ද නිසාය. සත්ව විද්‍යාඥයින් නිරීක්ෂණය කොට ඇති ආකාරයට ඒ පෙණහැල්ල සව් කඩදාසියකට සමානය.එහෙත් ශක්තිමත්ය.
වායුගෝලයේ වාතයෙන් ජීවත්වෙන මේ මිරිදිය මත්ස්‍යයාට ඒ නිසාම ජලයේ මතුපිට තලයට පැමිණීම නිතර නිතර සිදුව තිබේ. සත්ව නිරීක්ෂණ වාර්තාවලට අනුව විනාඩි 5 හෝ 15 ක් අතර කාලයක් තුළ දී එසේ ජලය මතුපිට සීමාවට පැමිණ අම්ලකර වායුව ලබා ගැනීමට ඌට සිදුවේ. මේ බව හොඳින් දන්නා ගංගා කලපු හා වැව්වල රස්සාව කරන ධීවරයෝ එසේ පැමිණෙන මේ මසුන් ඒ අවසරයෙන් මරා දැමීමට කටයුතු කරන බැව් පෙන්වා දිය හැකිය.ඇරපයිමාවන් ලෝකයෙන් වඳ වෙන තැනටම මරා දැමෙන තත්ත්වයක් නිර්මාණය වීමට උගේ ඒ ස්වාභාවික පැවැත්ම ද හේතු නිසාය. මොවුන් මේවන විට මිහිතලයෙන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මසුන් කොට්ඨාසයකි.
මේ මාළුවා අන්තර්ජාලයෙන් මිල දී ගන්නට හැකියාව ඇති බව පෙන්වා දිය හැකිය.වාස්තු මාළුවා එහෙම නැත්නම් ලකි ෆිෂ් කියන වාසනා මාළුවා හැටියට ලෝකෙම හඳුන්වන ඇරොවානා මාළුන් ඇති කරන්න කැමැති මිනිසුන් කටයුතු කරන බව පෙනේ.ඇරොවානා රිදී පාට මාළුවා තමයි අඩුම මිලක් නියම වී ඇති බව අන්තර්ජලායේ සදහන් වේ.අඟල් 4ක පැටියෙක් රුපියල් 1500/-ක් විතර වේ.අඩි දෙකහමාරක විතර කෙනෙක් රුපියල් 25000ක් පමණ දී මිල් දී ගත හැකිය.අඟල් 6ක සුපර් රෙඩ් ඇරොවානාවෙක් රුපියල් ලක්ෂයක් පමණ වේ.චිලි රෙඩ් නම් 125,000ක් විතරත්,ගෝල්ඩන් නම් 70,000ක් මිල ගණන් නියම වී ඇති බැව් දැකිය හැකිය.
ඇරොවානා මාළුවාගේ පිරිම් වැඩිහිටි මාළුවන් තම පරම්පරාව සුරක්ෂිත කරන්නට කැපවෙන දිරිය පියෙකි. මේ මාළුවා මාළු බිජු සරකිත කරන්නේ සිය මුඛයේ දරවාගෙනයි එවන් ආරක්ෂාවක් සිය පරපුර ඉදිරියට ගෙන යන්නට මේ සත්වයා කටයුතු කරන ආකාරය දැකිය හැකියි.
මේ මසුන් සත්තකින්ම මිනිසා හඳුනන මාළුවෙක් බව සුරංග පැල්මඩුල්ල මහතා පවසයි. මාළුවා යාළු කර ගන්න නම් බොහොම ළඟින් එයාලාව ආශ්‍රය කළ යුතුයි. එහෙම හොඳ සම්බන්ධයක් ඇති කරගත්තාම අපේ හිත් කියවන්න තරම් හැකියාවකුත් මේ අපේ සතාට තියනවා.හෘදය ආබාධ,මානසික ආතතිය,පීඩනය සහිත රෝගීන්ට වගේම හිත සැහැල්ලු කර ගන්න කැමති ඕනෑම කෙනකුට පාට පාට මාළුන්ගෙන් පිරුණු ටැංකියක් දිහා බලා ඉද්දි දැනෙන්නේ පුදුම සහනයකි.
සුරතල් මසුන් ලස්සන වරල් සලමින් තරඟ නඟමින් පිහිනනද්දි අපේ හදවත සිත නින්නාදයට පත් වෙයි.සත්තකින්ම අපට මාවවන් දැකීමෙන් ගංගා පතුලේ ,වැවක,මහා මිරිදිය විලක ලස්සන දියත( දිය ජලය) ගමනක සුන්දර වු චාරිකාවක් මෙන් දැයි සිතේ.
මේ තරමටම අපේ කතාන්දරයේ කතානායක වු ඇරොවානා අපට පහදා දෙන කතාන්දරයයි.අපේ මේ කතාවේ කතා නායකයා සත්තකන්ම යාළු මාළුවෙක් නිසාම අපේ දුක සතුට හඳුනන,අපේ ප්‍රශ්ණ කාටවත් නොකියන හොඳ යාළුවෙක් හැටියට මාළුවෙක් හිටියොත් සමහර විට ජීවිතේ වෙනසක් දක්වා ගමන් කරන්නට හැකිය.ඇරොවානා මාළුවා ට සමු දී අප ගමන් කලේ සුරංග පැල්මඩුල්ල මහතා වැනි සතුන්ට ආදරය දක්වන මිනිසුන් තවමත් සුළු පිරිසක් හෝ අපේ රටේ සිටින බව පසක් කරවමිනි.
සටහන හා ඡායාරූප – බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්