ලෝක පරිසර දිනය, අදට යෙදී තිබෙනවා.
1972 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක පරිසර දිනය මෙවර සැමරෙන්නේ ජෛව විවිධත්වය – පරිසරයට ඉඩක් යන තේමාව යටතේයි.
පරිසරය හා මිනිසා අතර ඇත්තේ බිඳ නොහැකි සබඳතාවකි.
වසර ලක්ෂ ගණනක් තිසේසේ පැවති මෙම සබඳතාව වර්තමනය වනවිට පත්ව ඇති අභියෝගයට සවිමත්ව මුහුණ දිමේ අරමුණින් මෙවර සැරෙන්නේ 47 වැනි ජගත් පරිසර දිනයයි.
මානව වර්ගයා ප්රමුඛ , බිලියන සංඛ්‍යාත ජීවින් වෙත නිර්ලෝභීව දායාද ලබා දෙන සොබාදහම සුරැකීම,ප්‍රඥප්තියකට හෝ එක් දිනකට සීමා විය යුතු නැති බව පරිසරවේදීන් අවධාරණය කරයි.