‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මිලියන තුනකට අධික පිරිසකට විදුලිය සහ ජල සැපයුම විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිලියන ගණනක පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පියවර ගත්තා. ටොනේඩෝ හා කුණාටු අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි.

එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙයි

උතුරු අත්ලාන්තික් සාගර කලාපය තුළ මෑත කාලයේදී ඇතිවු 5 වැනි වර්ගයේ දරුණුතම සුළිකුණාටුවක් ලෙස සැලකෙන මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත කඩා වැදුණේ 03 වැනි වර්ගයේ සුළි කුණාටුවක් ලෙසින් එහි ප්‍රබලත්වය අඩුව ඇති තත්ත්වයකයි.

සුළි කුණාටුව හේතුවෙන් මෙක්සිකානු බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 9කට ආසන්න උසකට නැගී දැඩි ප්‍රචණ්ඩ ආකාරයෙන් දිස්වුණා.

පැයට කිලෝමීටර් 193ක දැඩි සුළං තත්ත්වයකින් හමා ආ මිල්ටන් සුළි කුණාටුවත් සමග ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ෆ්ලොරිඩා හී සාන්ත පීටර්ස්බර්ග් ප්‍රදේශය වෙත අඟල් 16ක අති විශාල වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර එය එම ප්‍රදේශයේ වසර දහසකට වැඩි වර්ෂාපතනයක් නියෝජනය කරන අගයක් බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු රජය ප්‍රකාශ කර ඇත්තේ ගංවතුර ජලය විෂ සහිත විය හැකි බැවින් එම ජලය භාවිතයෙන් වලකින ලෙසයි.

මිල්ටන් සුලිකුනාටුව සියවසකට අධික කාලයක් තුළ ෆ්ලොරිඩාවට බලපෑ විනාශකාරීම සුළි කුණාටුව වනු ඇති බවටයි අමෙරිකානු බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණේ.

ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, ටෙනසි, වර්ජිනියා සහ උතුරු කැරොලිනා හරහා හමාගිය හෙලේන් චණ්ඩ මාරුතයෙන් සති 2කට පසුව මෙය පැමිණීම විශේෂත්වයක්.

සුළි කුණාටුව කඩා වැදීමත් සමගම හටගෙන ඇති ස්වාභාවික විපත් හේතුවෙන් අත්ලන්තික් වෙරළ තීරයේ පිරිසක් මියගොස් ඇති බව බලධාරීන් විසින් නිවේදනය කර ඇතත් එම සංඛ්‍යාව නිශ්චිත වශයෙන්ම අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

.

Similar Posts