අපවත්වි වදාල අමරපුර ශ්‍රි කල්‍යාණිවංශ නිකායේ කාරක සභික වටවල ශ්‍රි බුද්ධාරාම විහාරාධිපති අති පුජ්‍ය තංගල්ලේ ඤාණානන්ද නාහිමියන්ගේ අදාහන පුජෝත්සවය 17වන දින සවස වටවල ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි.

මෙම ආදාහන පුජෝත්සවය සදහා ගරුතර සංඝරත්නය මෙන්ම අන් ආගමික පුජකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදි.

මෙහිදි අනුසාසනාවක් කල නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක පන්නගමුවේ දයාවංශ හිමියන් තංගල්ලේ ඤාණානන්ද හිමියන් මේ වටවල ප්‍රදේශයේ ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් දැඩි කැපවිමක් කල හිමි නමක්.

උන් වහන්සේ මෙම ප්‍රදේශයට යුග පුරුෂයෙක් 1986 වර්ෂයේ වතුකරයේ ඇතිවු නොසන්සුන්තාවයන් හේතුවෙන් උන්හිටි තැන් අහිමිවු පිරිස්වලට පිහිටවුයේ අපේ ඤාණානන්ද හිමියන් එමෙන්ම මුහුදු මහා විහාරස්ථානයේ වැඩ සිටි මාව හැටන් රුවන් පුර ග්‍රාමයට වැඩම කරවා එම ප්‍රදේශයේ ශාසනික ප්‍රබෝධයක් ඇති කිරිමට පියවර ගත්තා.

උන් වහන්සේට වැරැද්ද පෙන්නන්න බැහැ උන් වහන්සේ සිංහයෙක් සමහර අය හිතනවා ඇති උන්වහන්සේ තරහින් බනිනවා කියලා එහෙම දෙයක් නැහැ අපේ නායක හාමුරුවෝ මේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිරන්තරයෙන් කැප වුනා ඒ නිසායි මේ ප්‍රදේශයේ මෙන්ම අවට සිංහල ජනතාව පමනක් නොව ද්‍රවිඩ මුස්ලිම් ජනතාවද අපේ හාමුදුරුවන්ට දැඩි ලෙස ගරු කලේ.

මෙහිදි කතා කල අඹගමුව ප්‍රාදේශිය ලේකම් සිතාරා ගමගේ මහත්මිය වටවල ඤාණාන්ද නායක හිමියන් මෙම ප්‍රදේශයේ ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවුන හිමි නමක් උන් වහන්සේ මෙම ප්‍රදේශයේ ආගමික සහජිවනය ඇති කිරිම සදහා විශාල මෙහෙයක් ඉටු කලා.

එමෙන්ම මෙම ප්‍රදේශයට ඇගළුම් කම්හලක් ලබා ගැනිමටත් මාර්ග ඉදිකිරිම් ආදියේදි මුල් තැනක් ගෙන කටයුතු කල හිමි නමක් මෙම ප්‍රදේශයේ ජාති ආගම් භේදයෙන් තොරව කටයුතු කරමින් ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කල හිමි නමක්.

අප කවුරුත් අපෙක්ෂා නෙකල අවස්ථාකයි උන් වහන්සේ අපවත් වුනේ උන් වහන්සේගේ අපවත්විම තුලින් මෙම ප්‍රදේශයට ඇතිවු හිඩස පිරවිය නොහැකි දෙයක්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts