චීනයේ පැතිර යන අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ තායිලන්තයට පැතිර ගොස් ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි.

චීනයේ මේ වන විට වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 200 දෙනෙකු බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. අභිරහස් මේ වන තෙක් වෛරසය කෙසේ පැතිරෙන්නේ ද යන්න පිලිබඳ තවමත් සොයා ගැනීමට නොහැකි බවයි චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි.

දකුණු කොරියාවේ වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා ඊයේ දිනයේදී වාර්තා වුණා. තායිලන්තයෙන් දෙදෙනෙකු‍ට හා ජපානයේ එක් අයෙකුට වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇත. අධික උණ, කැස්ස සහ ශ්වසන අපහසුතා මෙහි මූලික රෝග ලක්‍ෂණයි.

Similar Posts