ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ.
ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 37,148 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,155,191ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ද 28,000 ඉක්මවා ගොස් තිබේ.