කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික පසු බෑම අවම කර ගැනීම සඳහා ඉදිරි වර්ෂය සඳහා සිය මාසික වැටුප සීයයට 30 කින් කප්පාදු කිරිමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු මධ්‍යම කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
කප්පාදු කරනු ලබන මුදල් ඉන්දියාවේ පිහිටුවා ඇති ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි අමාත්‍ය ප්‍රකාශ් ජාවඩේකාර් කියා සිටියි.