Similar Posts
ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු දිග යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
පෙන්ටගනයෙන් ගුවන් ප්‍රහාර
ඉරාකයේ සහ සිරියාවේ සිට ක්‍රියාත්මක ඉරාන සහාය ලබන සටන් කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය (අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය) නිවේදනය කළේය. එම කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදා වෙත එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරවලට පිළිතුරු ලෙස ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළ බව අමෙරිකාව පැවසීය. ඉරානය පැවසුවේ එම ඩ්‍රෝන ප්‍රහාර ගැන තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය. අමෙරිකානු හමුදාවේ 2,500ක් පමණ…