උතුරු කොරියාව සහ දකුණු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය.
මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය.
එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් සහභාගි වූ බව වැඩි දුරටත් වාර්තා වේ.