china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

කොරෝනා වෛරසයේ උපත සිදුවූ චීනයේ වෛරසය පැතිරීම අවම වීමත් සමග සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.   

කොරෝනා වෛරස් රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ.

අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ ජිලින් පළාත මධ්‍යම අවදානම් මට්ටම දක්වා ඉහල දමා ඇත. පළාතේ පුළුල් ලෙස රෝගය පැතිර යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

පසුගිය පැය 24 තුළ චීනයේ අලුතින් රෝගීන් 17ක් වාර්තා වී ඇති අතර එය අප්‍රේල් 28 වනදායින් පසු එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

More Stories