ගංවතුර හේතුවෙන් බටහිර යුරෝපයේ රටවල් කිහිපයක්  අවදානම් තත්වයකට මුහුණ පා තිබේ. පසුගිය බදාදා ආරම්භ වූ යුරෝපීය ගංවතුර ප්‍රධාන වශයෙන් ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්, උතුරු රයින්-වෙස්ට්ෆේලියා සහ බෙල්ජියමේ සමහර ප්‍රදේශවලට බලපා තිබේ.  සිකුරාදා වන විට එයින් මියගිය සංඛ්‍යාව 125 ක් වන අතර 1,300ක් තවමත් අතුරුදහන් සිටිති.

ගංවතුර නිසා වැඩිම බලපෑමක් සිදු වූයේ ජර්මනියටයි. ගංවතුර අනතුරු ඇඟවීමේ පද්ධතියේ අඩුපාඩුකම් හේතුවෙන් දුරස්ථ ජර්මානු ගම්මානවල ජනතාව දැඩි පීඩාවන්ට ලක් විය. එරට මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගිය අතර බෙල්ජියම් මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇත. ගලවා ගැනීමේ නිලධාරීන් අතුරුදහන් වූවන් සොයා ගැනීමට දිගින් දිගටම උත්සාහ කරමින් සිටින අතර ගංවතුර බැස යාමත් සමඟ තවත් මළ සිරුරු සොයා ගැනෙනු ඇතැයි අපේක්ෂා කරයි.

වාර්තාගත වර්ෂාපතනය හා ගංවතුර හේතුවෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයන්හි සංචාරයක යෙදුණු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්, ඔවුන්ට මූල්‍ය ආධාර ලබා දීම වේගවත්ව සිදු කරන බවට පොරොන්දු විය. ගංවතුරේ හානිය මත ලබන වසරේ සැප්තැම්බරයේ පැවැත්වෙන ජර්මනියේ මහ මැතිවරණයට ඉන් බලපෑම් විය හැකි බව විචාරකයන් පෙන්වා දෙති.

ගංවතුර හේතුවෙන් පාරවල් ගංගා බවට පත් වී, වාහන ගසාගෙන ගොස් තිබුණි. කඩා වැටුණු නිවාස, වීදි සහ පාලම් සවි කිරීම සඳහා ජර්මානු රජය යුරෝ මිලියන 300 කට වඩා (ඩොලර් මිලියන 354) ක්ෂණික සහන ලෙස ලබා දීමට බලාපොරොත්තු වන බව එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි දිගු කලක් තිස්සේ කියා සිටි විද්‍යාඥයින් කියා සිටින්නේ ආන්තික කාලගුණය, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමට විසඳුම් සෙවීම සඳහා රජයන්ට වඩා හොඳ හා වේගවත් පියවර අනුගමනය කිරීමට සිදු වනු ඇති බවයි.

මින් ඇති වූ විනාශය මුළුමනින්ම තවමත් ගණන් බලා නොමැති වුවත් ආපදාවට මුහුණ පෑ දහස් ගණනකගේ ව්‍යාපාර ස්ථාන, නිවාස අහිමි වීමෙන් විශාල හානියක් සිදුවී ඇත. ගංවතුරේ බලපෑම නිසා මෙන්ම COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා යුරෝ 10,000 ක කෙටි කාලීන ගෙවීමක් කළ හැකි බව ආර්ථික කටයුතු අමාත්‍ය පීටර් අල්ට්මයර් පවසා තිබේ.

බෙල්ජියම අඟහරුවාදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කළ අතර බෙල්ජියමේ පුද්ගලයින් 163 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත. නිවෙස් 37,0000ක පමණ විදුලිය නොමැති අතර බලධාරීන්ට අනුව පිරිසිදු පානීය ජලය සැපයීම ද ප්‍රධාන ගැටලුවක්ව තිබේ.

ගංවතුර නිසා මෑත දිනවල පුද්ගලයින් දස දහස් ගණනක් පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබේ. එසේම ජලයෙන් මාර්ග සහ පාලම් වැනි යටිතල පහසුකම් සහ රථවාහන ආරක්ෂා කර ගැනීම පිළිබඳව ද බලධාරීන් සැලකිලිමත් වේ.නෙදර්ලන්තය මේ දක්වා වාර්තා කර ඇත්තේ දේපල හානි පමණක් වන අතර ගංවතුරෙන් මියගිය හෝ අතුරුදහන් වූවන් නැත.

දශක ගණනාවක් තිස්සේ යුරෝපයේ අත්විඳ ඇති දරුණුතම ගංවතුරක් ලෙස සැලකෙන මෙම ගංවතුරෙන් පීඩා විඳි සමහර ප්‍රදේශවල ජල මට්ටම වසර 30කින් පමණ දක්නට නොලැබුණු ආකාරයේ තත්වයකි. ගංවතුර ව්‍යාප්තිය පිළිබඳ චන්ද්‍රිකා නිරූපණ ඔස්සේ මූලික විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ බටහිර ජර්මනියේ සහ අසල්වැසි රටවල ගංගා ඔස්සේ ගංවතුර පැතිර ඇති බවයි. එසේම ගංගා අසල සංවර්ධනය මගින් වර්ෂාව අවශෝෂණය කරගත හැකි විවෘත ඉඩම් ප්‍රමාණය අඩු කිරීමෙන් ගංවතුර  නරක අතට හැරී ඇත. නමුත් ඉදිරියේදී දැඩි වර්ෂාපතනය තූරන් වී කාලගුණය වඩා යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරයි.

lanka c news, lanka news web, lanka news web sinhala, neth news sinhala, sinhala news 24, hiru news sinhala, lanka e news sinhala, sinhala news papers,
lanka c news,

Similar Posts