‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉන්දීය නලු අජේ දේව්ගන් ඒම රජයට ස්තුතිය පළ කර තිබේ.
ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව චිත්‍රපටයේ සම නිෂ්පාදක අජේ දේව්ගන් ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට බද්දෙන් නිදහස් කරන ලෙස මහ ඇමති යෝගී ආදිත්යනාත්ගෙන් ඉල්ලා ඇත. ඒ් අනුව මෙම තිරණය ගෙන තිබේ.
මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ චත්‍රපති ශිවාජි මහරාජ්ගේ හමුදා ප්‍රධානී ටනාජි මාලුසාරේගේ වීර කතාව පදනම් කරගෙන වන අතර තනාජි මාලුසාරේගේ ධෛර්යයෙන් හා පරිත්‍යාගයෙන් මෙහි පිලිඹිබු වේ.
1670 දී සිංගාර් සටනේදී තන්හාජි වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර මෝගල්වරුන් සමඟ සටනින් පසු බලකොටුව දිනා ගත්තේය. කෙසේ වෙතත්, ඔහු සටනේදී දිවි පිදීය. තන්හාජිගේ මරණය ගැන ශිවාජි දැනගත් විට ඔහු පවසා තිබුණේ බලකොටුව ලැබුණු නමුත් සිංහයා නැති වී ඇති බවය. ට්විටර් පණිවුඩයක් මගින් යූපී මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට ස්තූති කරමින් දේව්ගන් රජයට සිය කෘතඥතාව පළ කළේය. ඕම් රාවට් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ජනවාරි 10 වන දින තිරගත වූ අතර දේව්ගන් සමඟ ප්‍රධාන චරිත නිරූපණය කරන නළු කාජල් සහ සයිෆ් අලි ඛාන් ද සිටිති.