2020 නව වසර උදාවීමත් සමඟ ලොවපුරා දරුවන් 392,078 දෙනෙකු උපත ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
පැසිෆික් සාගරයේ ෆීජි දුපත්හි පළමු දරුවා උපත ලබා ඇති අතර එක්සත් ජනපදයේ අවසන් දරුවා බිහිව තිබේ.
වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ 67385 කි.
යුනිසේෆ් සංවිධානය සඳහන් කරන ආාකරයට 2018 වසරේදි උපත ලද දරුවන් සංඛ්‍යාවෙන් මිලියන 2.5 ක් ඉපිද පළමු මාසය තුලදී මිය ගොස් තිබේ.
ඊට බොහෝ විට හේතු වී ඇත්තේ නොමේරූ දරු උපත්, දරු ප්‍රසුතියේදි ඇතිවන සංකූලතා හා විවිධ ආසාදන හේතුවෙනි.
ශානි