අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් වාර්තා පවසයි.
වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත.
පෙන්ටගනය නිවේදනය කර සිටින්නේ, මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බවයි.