කොරෝනා  වයිරසය පැතිරීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලු දේශසීමා වසා දමා තිබේ.

දේශසීමා වසා දැමීම අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අතර එම කාලය තුළ කිසිවකුට බොලිවියාවට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන බව එරට ජනාධිපති ජෙනින් ඇනෙස් පවසයි.

බොලිවියාවේ වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 38කි.

Similar Posts