මියන්මාරයේ රාජ්‍ය බලය නැවත වරක් හමුදාව ලබා ගැනීමෙන් පසුව එළැඹුණු අඳුරුතම දිනය ඊයේ (28) දිනයේ දී උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදා පාලනයට එරෙහි අද පැවැති උද්ඝෝෂණ අතර සිදු වූ ගැටුම්වලදි මියන්මාර පොලීසිය විසින් ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ.
මෙහිදී පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.