බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි.

රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්.

එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ.

ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා විය.

ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 5063 දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 72,800කට අධිකයි.

එරට ආසාදිතයන් ගණනද ඊයේ දිනය තුළදී 6398කින් ඉහළ ගොස් තිබුණි.

ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇති අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට දැක්වෙන්නේ දස ලක්ෂ තිස් පන්දහස් හත්සිය හැට පහක් ලෙසයි.

Similar Posts