ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත.

වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි.

සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.

නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිරයන ලැව්ගිනි හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවටම සිඩ්නි හි වාත්‍රාශය දැඩි සේ අපවිත්‍ර වී තිබුණි.

අහිතකර වායු සාගරය හරහා, සිඩ්නි සිටි කිලෝමීටර් 2 000ක් එපිටින් පිහිටි නවසීලන්තය වෙත පවා පැතිර ගොස් ඇති බවටද විදෙස් පුවත් වැඩිදුරටත් වාර්තා කරයි.

More Stories