‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගම නිවේදනය කරයි.
ෆේස්බුක් සමාගම 2014 වසරේදී ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර අද වනවිට එය ෆේස්බුක් පවුලේ වැඩියෙන්ම භාවිත කෙරෙන මෘදුකාංගය බවට පත්ව තිබේ.
බොහෝදෙනා අතිශය පෞද්ගලික පණිවුඩ යැවීමට ‘වට්ස්ඇප්’ භාවිත කරන්නේ ‘එන්ක්රිප්ෂන්’ ක්‍රමවේදය මගින් වට්ස්ඇප් හරහා යැවෙන පණිවුඩවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන නිසා බව වට්ස්ඇප් සමාගම සඳහන් කළේය.