නිරිතදිග ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පුවත්  පවසයි.

පාමයිරොපොයික්ස්-සර්-ටාර්න් සහ බෙසියර්ස් නගර සම්බන්ධ කරන අඩි 510 ක ලෝහ පාලම 1930 ගණන් වලදී ඉදිකර ඇත. මෙම පාලම මතින් ගමන් කළ හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 19 කි. මෙම පාලම  2003 දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර  2017 පරීක්ෂණයකදී කිසිදු ව්‍යුහාත්මක ගැටළු හෝ ආරක්ෂක ගැටළු හඳුනාගෙන නොමැති බව සෙරීමා හි නියෝජිතයින් පවසයි.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එහි ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් ගමන් කර ඇති අතර එම මෝටර් රථයේ ගමන් කළ 15 හැවිරිදි දැරියක සහ ට්‍රක් රථයේ රියදුරු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත. ඒ් අතර දැරියගේ මව ඇතුලු තිදෙනෙක් හා ගිනි නිවන භටයින් දෙදෙනෙකු වේ.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එහි ගමන් කළ ට්‍රක් රථයේ බරටොන් 50 බවයි විදෙස් වාර්තා පවසයි..

කෙසේ නමුදු ප්‍රංශ රජය  මේසම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ  කරතිබේ.

More Stories