දකුණු චීනයේ ගුවාන්ඩොං ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ප්‍රාන්ත බලධාරිහු ප්‍රකාශ කරති.

වසර 60කට පසු ඇතිවූ දරුණුතම වර්ෂාපතනය මෙය බව ද එම ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

නිවාස දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙක්ටයාර් 27කට අධික භූමියක භෝග විනාශ වී ඇති අතර, ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහා මාර්ග හා දුම්රිය මාර්ග රැසකටත්, මෝටර් රථ රැසකටත් අලාභහානි සිදුව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

More Stories