සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආසන්න වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පවසයි.

ගුවන් ප්‍රහාර හේතුවෙන් මිලාජා (Milaja) ගම්මානයේ ගොඩනැගිලි කඩාවැටී ඇති අතර ස්වේච්ඡා සේවකයින්ගේ ද සහභාගීත්වයෙන් සුන්බුන් අතර සිරව සිටි පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.

ඉඩ්ලිබ් පළාත සහ ඒ අවට ප්‍රදේශ ග්‍රහණයට ගැනීමට රුසියාවේ පිටුබලය සහිතව මේ වනවිට ආක්‍රමණික මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

More Stories