Similar Posts
සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක
රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.
ප්‍රංශයේ හා ඊශ්‍රායලයේ පාසල් හා සරසවි වහාම වසාදමයි
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරයි. අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස්…
සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්
සුරතල් සත්ත්වයින් වෙනුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දේවස්ථානයක වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්වුණි. සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වේ. ශුද්ධ වූ ජලයෙන් සෑම සුරතලෙකුටම ආශීර්වාද එක් කිරීමට දේවස්ථානයේ පූජකවරයා කටයුතු කරයි. මෙලෙස ආශීර්වාද කිරිම සිය සුරතලුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න දිවියක් උරුම වන බව ස්පාඤ්ඤ වැසියන් විශ්වාසය කරයි.
රටවල් කිිපයක කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක්
රුසියාව, බ්‍රසීලය, මෙක්සිකෝව සහ පේරු යන රටවල කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.වාර්තා සදහන් කරයි. ගෝලීය දත්තවලට අනුව අමෙරිකාවට පසු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත්තේ රුසියාවෙන්. බි්රතාන්ය, ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනිය අභිබවා යමින් එම ලේඛණයේ සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.