ඇමරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවර පිහිටි කැලි‌ෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ ගවේශණයටකට අනුව හද මතුපිට ඝණ අයිස් තට්ටු පවතින බවට සොයාගෙන තිබේ. මේ සම්බන්ධව මහාචාර්ය ඬේවිඞ් පේගේ (David Paige) පවසන්නේ හඳ සහ අඟහරු ග‍්‍රහයා කිසි දිනක හිරු දැක නැති නිසා හඳ වටා ජලයට වඩා අයිස් තට්ටුවක් තැන්පත් වී ඇතැයි තමා විශ්වාස කරන බවයි. ජලය නොමැති මෙම අයිස් තට්ටුව අඟහරු ග‍්‍රහයා වටේටම ඇතැයි ද කියා සිටියි.

ඇමරිකාවේ UCLA නමැති සංවිධානයට අයත් මෙම විද්‍යාඥයන් පිරිස ‘නේචර් ජියෝසයන්ස් (Nature Geoscience) නමැති සඟරාවට නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශකර තිබේ.

මේ අතර විද්‍යාඥයන් කීපදෙනකුට මත පළ කරමින් කියා සිටින්නේ මානවයාට පදිංචියට යෑම සඳහා හඳ මත කොලනි සහ කර්මාන්තශාලා ඉක්මනින්ම ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරගෙන යන බවයි.  මෙම වැඩපිළිවෙළ 2028 දී අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවද ඔවුහු වැඩි දුරටත් මත පළකර සිටිති.  හඳට යන මිනිසුන්ට එහි ජීවත් වීමට අවශ්‍ය තරම් ජලය තිබෙන බව කියන විද්‍යාඥයන් පිරිසක් ඔවුන්ට අවශ්‍ය කෑම බීම ගැන ප‍්‍රශ්නයක් තිබෙන බවද එය ද ඉක්මනින්ම විසඳා ගත යුතුව ඇතැයි ද සඳහන් කරති.

More Stories