හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ.

රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු ලොවම අපේක්ෂා නොකළ පුවතක් විය.

Similar Posts