මුහුණු ආවරණ තහනම් කිරීමට හොංකොං රජය ගත් තීරණයට විරෝධය පළකරමින්  එහි  විශ්වවිද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සිසුන් කළු මුහුණු ආවරණ පැළඳගෙන සහභාගී වී තිබේ.

සිසුන් 1000ක් පමණ එම අවස්ථාවට එක්ව සිටි බහුතරයක් දෙනා කළු මුහුණු ආවරණ පැළඳ සිටි බව හොංකොං මාධ්‍ය පවසයි.

සිසුන් “හොංකොං නිදහස් කරනු”, “විප්ලය ඇරඹී ඇත” යනුවෙන් සඳහන් පුවරු අතැතිව උපාධි ඇඳුමින් සැරසුණු නගරයේ දුම්රිය පොළේ සිට උත්සව ශාලාව දක්වා විරෝධතා පාඨ ගායනා කරමින් ගමන් කළ බව සඳහන් වෙයි.

චීනය විසින් පාලනය කරන හොංකොං නගරයේ මාස පහකට වැඩි කාලයක් තිස්සේ පවතින නොසන්සුන්තාවයන් පාලනය කිරීමට රජය පියවර ගත් අතර මුහුණු ආවරණ සඳහා තහනමක් ද පනවනු ලැබීය.

බොහෝ විරොධතාකරුවන්ගේ කෝපයට හේතුවී ඇත්තේ හොංකොං සඳහා පොරොන්දු වූ නිදහසට චීන රජයමැදිහත්වීම බව විදෙස් වාර්තා සඳහන් කරයි.

More Stories