දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් බෝම්බ නිෂ්ක්‍රීය කිරිමේ විශේෂඥයින් විසින් ඉවත් කිරිම නිසා ඉතාලියේ දකුණේ බ්‍රින්ඩිසි හි 50,000 කට අධික පිරිසකට සිය නිවාස වලින් ඉවත්ව යාමට සිදුව තිබේ.

සිනමා ශාලාවක්  අලුත්වැඩියා කටයුතු අතරතුර ඉදිකිරීම් කම්කරුවන් විසින් සොයා ගන්නා ලද බ්‍රිතාන්‍ය බෝම්බය 1941 දී වරාය නගරයට හෙළන්නට ඇතැයි විශ්වාස කෙරේ.

බෝම්බය සොයාගත් ස්ථානයේ සිට මීටර් 1,617 ක කලාපයක් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරුණු අතර ඒ් තුළ පදිංචිව සිටි   54,000 කට වැඩි පිරිසකට පැය කිහිපයක් තම නිවෙස්වලින් පිටව යාමට සිදු විය.

මෙහෙයුමේ කොටසක් ලෙස නගරයේ ගුවන්තොටුපල, දුම්රිය ස්ථානය, රෝහල් දෙකක් සහ බන්ධනාගාරයක් වසා දමන ලදී. රැඳවියන් 200 කට වැඩි පිරිසක් කිලෝමීටර් 38 ක් ඈතින් පිහිටි ලෙක්ස්හි බන්ධනාගාරයට ගෙන යන ලදී.

මීටර 1 ක් පමණ දිග හා ඩයිනමයිට් කිලෝග්‍රෑම් 40 ක් අඩංගු පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයින් විසින් නිෂ්ක්‍රීය කර ඇති බව දහවල් 1 ට පමණ බලධාරීහු සනාථ කළහ.

පාලක පිපිරීමක් සඳහා  ඔවුන් අද (16) දින බෝම්බය දුරස්ථ ස්ථානයකට ගෙන යනු ලබයි.

මීට වසර 70 කට පමණ පෙර ටියුරින්හි පදිංචිකරුවන් 10,000 කට වැඩි පිරිසක් දෙවන ලෝක යුද්ධයෙන් තවත් බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම සඳහා ඉවත් කරන ලදී. මීට පෙර, ඔක්තෝබර් 19 වන දින, බලධාරීන් විසින් උතුරු බොල්සානෝ හි පියසා වර්ඩි අසල ජීවත් වන 4,000 ක පමණ පිරිසකට නගර මධ්‍යයේ දෙවන ලෝක යුද්ධ පුපුරණ ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසු පැය කිහිපයක් තම නිවෙස් අතහැර යන ලෙස නියෝග කරන ලදී.

පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය ,බෝම්බ  තවමත් ඉතාලිය පුරා ගැටළුවක් වී ඇත, විශේෂයෙන් ඔස්ට්‍රියාවේ දේශ සීමාව ආසන්නයේ, සොයා නොගත් බොහෝ ඒවා ඇති බවට විශ්වාස කෙරේ.

1943 අගෝස්තු මාසයේදී මිත්‍ර හමුදා විසින් විවිධ ගුවන් ප්‍රහාර 9 කින් පොම්පෙයි වෙත බෝම්බ 165 ක් හෙළනු ලැබීය. 1943 අගෝස්තු 24 වන දින බෝම්බ හෙළනු ලැබුවේ ක්‍රි.ව .79 දී ය. පුරාණ නගරය කලින් වෙසුවියස් කන්ද පුපුරා යාමෙන් විනාශ වූ බව විශ්වාස කෙරේ. කෙසේවෙතත්, 2018 ඔක්තෝම්බර් මාසයේදී නගරයේ අලුතින් සොයාගත් සෙල්ලිපියකින් ඔප්පු වූයේ එය විනාශ වී ඇත්තේ ක්‍රි.ව .79 ඔක්තෝබර් 17 න් පසුව මිස අගෝස්තු 24 වනදා නොවන බවයි.

ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සෑම වසරකම දෙවන ලෝක යුද්ධ බෝම්බ දහස් ගණනක් රට තුළ නිෂ්ක්‍රීය කරනු ලැබේ.

More Stories