ලොව දෙවැනි වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඉතාලියේ  කොරෝනා වෛරසය  පැතිරීම වැළක්වීම සඳහා දැනට පනවා ඇති අතිශයින් දැඩි නීති රීති සහිත දිගු කාලයක් පවතින අගුලු දැමීම හේතුවෙන් රට පුරා බොහෝ දෙනා දැඩි සේ මානසික පීඩාවකට හා ආතතියකට ගොදුරැ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි .

ඉතාලියේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන මානසික ගැටළු සම්බන්ධයෙන්  සහය ලබා දෙන මධ්‍යස්ථානය වෙත දිනපතා රට පුරා විවිධ  ප්‍රදේශවලින් අති  විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් නොයෙක් තරාතිරමේ පුද්ගලයින්ගෙන් ලැබෙමින් පවතින බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රට අගුලු දමා තිබීම හේතුවෙන් දිගු කාලයක් නිවෙස්වලටම සීමා වී සිටීමෙන් දැඩි මානසික අරගලයකට ලක්ව සිටින බව එම මධ්‍යස්ථානයට අනුයුක්තව කටයුතු කරන මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති .

Similar Posts