කොවිඩ්-19 වසංගතයෙන් බැටකමින් සිටි ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑ අම්ෆන් සුපිරි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිටත් ඉන්දියාවේ මරණ 72ක් වාර්තා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මෙම මරණවලින් මරණ 15ක්ම කොල්කටා නුවරින් වාර්තා වී ඇති අතර, එම ප්රදේශයේ මාර්ග ආශ්රිතව ගස් 5,000කට වඩා කඩා වැටී ඇති අතර, වීදි පුරා විදුලි කණු කඩා වැටීමක්ද වාර්තා වනවා.
ඒ අනුව කොල්කටා ආශ්රිතව විදුලි සැපයුම සහ දුරකථන සම්බන්ධතා අවහිර වී ඇති බවද සඳහන් වන අතර, නගර සභා සේවකයන් විසින් මාර්ගවල ගස් හා සෙස් දෑ ඉවත් කරමින් සිටින බවද සඳහන්. සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයන් මෙන්ම, නායයෑම්ද වාර්තා වී ඇති අතර මියගිය අය අතර දියේ ගිලී සිදුවූ මරණ මෙන්ම, නායයෑම්වලට ගොදුරු වුවන්ද වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.