ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
ඒ ආසාදිතයින් 73,196 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,977,008 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 107,450ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.