ඉන්දියාවේ නොනවත්වා සිදුවන කොවිඩ්-19 ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය හේතුවෙන් බොහෝ ආදාහනාගාරවල ලෝහ කොටස් පවා දියවී කැඩි ගොස් ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම මෘතදේහ දහනය පැය 24 පුරාවටම අඛණ්ඩවම සිදුවන බවත් බොහෝ පිරිසක් තමන්ගේ ඥාතින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනක් පෝළීම්වලට වී බලා සිටින බවද වාර්තා වෙයි.
එක් ආදාහනාගාර කලමණාකාරුවෙකු විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් 1987 වසරේ සිට 2005 දක්වා කාලය තුළ ආදාහනාගාර සේවකයෙකු ලෙස වැඩ කළ බවත් කිසිම දිනක මෙතරම් දේහ ප්‍රමාණයක් රැගෙන එන ආකාරයක් මීට පෙර දැක නොමැති බවයි.