Similar Posts
යුක්රේන ජනාධිපතිට තුවාලයි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ජනාධිපති සෙලන්ස්කී කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත. ජනාධිපති සෙලෙන්කීගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
වසර 60කට පසු දකුණු චීනය ගංවතුරට යට වෙයි
දකුණු චීනයේ ගුවාන්ඩොං ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ප්‍රාන්ත බලධාරිහු ප්‍රකාශ කරති. වසර 60කට පසු ඇතිවූ දරුණුතම වර්ෂාපතනය මෙය බව ද එම ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිවාස දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙක්ටයාර් 27කට අධික භූමියක භෝග…
කයිලා මුලර් මෙහෙයුම
අයි. එස් .අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස්…
අමෙරිකාව හොංකොං සමඟ පැවැති හොඳහිත අතහරියි
හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා. මේ හේතුවෙන් චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.
එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ්
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බව සඳහන් වේ.