Similar Posts
හිටපු ඉන්දීය රහස් පොලිස් ප්‍රධානියා දිවි නසා ගනියි
හිටපු ඉන්දීය රහස් පොලිස් ප්‍රධානි අෂ්වානි කුමාර් සිම්ලා නුවර පිහිටි සිය නිවසේදී දිවි නසා ගෙන ඇත. ඔහු නාගලන්ත ආණ්ඩුකාරයා ලෙසද ක්‍රියා කළේය. සිම්ලා පොලිස් අධිකාරී මොහින් චැට්ලා පැවසූවේ හිටපු රහස් පොලිස් ප්‍රධානීන් නිවසේදී එල්ලී දිවි නසාගෙන ඇති බවයි. එහෙත් තමා දිවි නසා ගන්නා බව දක්වා ලිපියක්ද ඔහුගේ කාමරයේ තිබී හමු වී ඇත.
හොංකොං හි කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළට
හොංකොං හි කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාමත් සමග නීතිරීති දැඩි කර තිබෙනවා. සියලුම පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර නීති රීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු හොංකොං ඩොලර් 5000ක උපරිම දඩයකට යටත් විය හැකි බවයි එරට වාර්තාවල දැක්වුණේ. හොංකොං සෞඛ්‍ය ලේකම් සොෆියා චෑන් පැවසුවේ හොංකොං හි වඩාත් තීරණාත්මක කාලය මෙයවන බවයි.
මෝදි, ජනතාවගෙන් සමාව අයදියි
පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැද සිටියේය. ඒ පිළිබදව අගමැති නරේන්ද්‍ර මෝදි අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගත්තේ ජනතාවගේ යහපත උදෙසා බවයි. එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අගවා සිටියේය.
රුසියාවේ සහ බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට
බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙණෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙනවා දෙයි. රුසියාවෙන්ද ඊයේ දිනය තුළදී ආසාදිතයන් 6411ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්. එරටින් කොවිඩ් මරණ 867ක්ද වාර්තා වී තිබේ. ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 520ක් වාර්තා…